කඩුවෙල වැවපාර ලඳු කැලෑවක කැපුම් තුවාල සහිතව තිබූ මළසිරුර ගොතටුව චාමර නමැත්තකුගේ බවට පොලීසිය හඳුනාගෙන තිබේ.Sri Lanka Latest News
මෙය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සිදුකළ ඝාතනයක් බවට සැක කෙරෙයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත බාරදී තිබේ.
කඩුවෙල වැවපාර ලඳු කැලෑවක් තුළ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළසිරුරක් ඇති බවට කඩුවෙල පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
මළසිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ බවට සැක සිතිය හැකි යැයිද එහිදී පොලීසිය සඳහන් කළේය.
මියගිය පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීමේ සලකුණු බවට හඳුනාගත හැකි සලකුණු ඇති බවද සඳහන් විය.










