එන්නත්කරණය සහ රෝගය ව්‍යාප්ත වීමේ වේගය මත ලබන ඔක්තෝබර් මස අවසාන සතිය වනවිට කොරෝනා වසංගතයෙන් රට තුළ මතුව ඇති අවදානම් සහ පීඩාකාරී තත්ත්වය පහව යනු ඇතැයි පුරෝකතනය කළ හැකි බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එන්නත්කරණයේ ප්‍රතිශක්තිය එම කාලය තුළ වර්ධනය වීමත්, ස්වාභාවික ආකාරයෙන් ජනතාවගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් රෝගය සුව වී තිබීමත් ඊට හේතුව බව ඒ මහතා පෙන්වා දෙයි.
කෙසේවෙතත් අලුත් කොරෝනා ප්‍රබේදවලින් ගැටලුවක් මතු නොවණහොත් පමණක් මෙම තත්ත්වය බලපොරොත්තු විය හැකි බවද වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.









