• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ඡන්දෙදි ගන්න තිබ්බ ලොකු ජයග්‍රහණයක් කකුලෙන් ඇදලා පොඩි කරපු සජබ ඇතුළේ කුමන්ත්‍රණය…! I Sri Lanka Latest News

May 12, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙවර මැතිවරණයේදී සජබය සජිත්ගේ නායකත්වය යටතේ වැඩි බලයක් ලබාගත්තද බොහෝ දෙනා පෙන්වා දෙන කාරණාවක් වී ඇත්තේ පක්ෂය ඇතුළෙන් හරිහමන් සහායක් සජිත්ට ලැබුණේ නම් මීටත් වඩා ඉහළ ජයග්‍රහණයක් සජබයට ලබාගැනීමට හැකියාව තිබුණා යැයි කියාය. විශේෂයෙන්ම පක්ෂ නායකයා වශයෙන් සජිත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ගමින් ගමට ආසනයෙන් ආසනයට යමින් පක්ෂයට හයියක් දෙද්දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා ඇතැමුන් සිය ශක්තිය උපරිමයෙන් සජිත්ට ලබාදුන්නාද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ගැටලුවකි. කොටින්ම කියනවා නම් මෙම ඡන්දය තනිකර සජිත් නිසාම සජබයට ලැබුණු ඡන්දයකි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ සහ තරුණ මන්ත්‍රීවරුන්ගේ සහාය හැරුණු විට ඇතුළේ සිටින එක්තරා ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා කුමන්ත්‍රණකරුවන් කණ්ඩායමකගෙන් සජිත්ට සහායක් නොලැබුණු තරම්ය. ඔවුන් සජබයට සහ සජිත්ට සහාය දෙනවාට වඩා කළේ සජිත් නැති තැන සජිත්ව විවේචනය කිරීමය. සජිත්ට ඡන්දය දිනන්නට බැරි බව ප්‍රකාශ කිරීමය. සජිත් අඳින පලඳින විදිය විහිලුවට ලක්කිරීමය. සජිත් කතාකරන විලාසය විවේචනය කිරීමය. අප මේ කුමන්ත්‍රණකරුවන් සියලු දෙනාම හොඳින් හඳුනාගෙන ඇති අතර, ඊට සාක්ෂිද වුවමනාවටත් වැඩියෙන් අප සතුව තිබේ. ඉදිරියේදී විශේෂ ලිපියකින් මෙම සජබ කුමන්ත්‍රණකරුවන් කීප දෙනා සම්බන්ධයෙන් රටට හෙළිදරව් කිරීමටද අප සූදානම්ය.Sri Lanka Latest News

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන සජිත් රට වටා යමින් සිටියදී මේ සජබ කුමන්ත්‍රණකරුවන් කීප දෙනා කළේ කොළඹ සිටිමින් මැතිවරණයෙන් පසු සජිත් සහ සජබය කුජීත වන බව කියමින් සජිත් පක්ෂ නායකත්වයෙන් එලවන කුමන්ත්‍රණය සැලසුම් කිරීමය. මෙම පිරිස එසේ නොකොට හරි හෝ වැරැදි හෝ වේවා ජවිපෙ පැලවත්ත කාර්යාලයෙන් දෙන මැතිවරණ ව්‍යාපාරය, එහි මන්ත්‍රීවරුන් ගමට ගෙන ගියා සේ සජබයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයද ගමට ගෙන ගියා නම් අද සජබය ඉන්නේ මීට වඩා ගව්ගාණක් ඉහළින්ය.

මේ වනවිට සජබයට සිටින්නේද මේ කුමන්ත්‍රණකරුවන්ටම හරියන මාධ්‍ය අංශයකි. පක්ෂයක මාධ්‍ය අංශය, පක්ෂ නායකත්වය සහ පක්ෂය ඔසවා තැබීමේ මෙහෙයුමේ නිරතව සිටිය යුතු වුවද, සජබ මාධ්‍ය ඒකකය සිටින්නේ සජබය ඇතුළේ සිටින ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් තුන් හතර දෙනාට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් සජිත්ව විනාශ කිරීමේ සහ සජිත්ව ආරක්ෂා නොකර සිටීමේ මෙහෙයුමකය. ඒ මාධ්‍ය ඒකකය මගින් මාධ්‍ය හමු පැවැත්වීම සඳහා කැඳවන්නේ තරුණ, දක්ෂ මන්ත්‍රීවරුන් නොව සජිත්ට විරුද්ධ අදහස් දරන මන්ත්‍රීවරුන්ය. තරුණ මන්ත්‍රීවරයෙක් නිකමට හෝ විපක්ෂනායක කාර්යාලයට පැමිණි විට ඒ මාධ්‍ය ඒකකය මගින් ඔවුන්ගේ ඔළුවලටද විසබීජ දමන ආකාරයක් දැකගන්නට තිබේ. මෙවර මෙම කුමන්ත්‍රණකරුවන්ගේ නම් හෙළිදරව් නොකළද, ඉදිරි ‘රාජ්‍ය රහස්’ තීරයකදී නම් වශයෙන් ඔවුන්ද රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

ඉමිතියාස් කරපු දේ හරිද?

මෙම කුමන්ත්‍රණයේ එක් කොටසක් ලෙස ඡන්දය කට මුල තියා සජබ සභාපතිවරයා වන ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ ඉල්ලා අස්වීමද පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් මැතිවරණයක් ප්‍රකාශ කොට ඇති වකවානුවක පක්ෂ සභාපතිවරයකු ඉල්ලා අස්වීමක් කිසිදු රටක සිදුවන්නේ නැත. ප්‍රශ්න තිබුණද එක්කෝ මැතිවරණය අවසන් වන තෙක් ඒවා යටපත් කොටගෙන සිටීම සභාපතිවරයකුගේ අවම සදාචාරයය. නමුත් ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු ලෙස සැලකෙන ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඒ කිසිවක් නොතකා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරම සිය ඉල්ලා අස්වීම සජිත්ට යැව්වේය. එපමණක් නොව, එම ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යයට මුදාහැරීමටද ඉමිතියාස් කටයුතු කළේය. එය බොහෝ දෙනා පෙන්වා දුන්නේ සජිත්ව සහ සජබය ඡන්දයෙන් වැට්ටවීම සඳහා කළ කුමන්ත්‍රණයක් ලෙසටය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ එවැනි කටයුත්තක් කළ ඉමිතියාස් වැන්නකු කිසිසේත්ම පක්ෂයේ සභාපති ධුරයක් නොව, කිසිදු තනතුක් දැරීමට නුසුදුස්සකු යැයි කියාය. නමුත් සජිත් ඒ සියල්ල ඉවසා නැවත වතාවක් සජබ සභාපති ධුරය ඉමිතියාස්ට ලබාදීමට පියවර ගත්තේය.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ක්‍රියාත්මක වූ දෙවැනි කුමන්ත්‍රණය වූයේ සජබය ඇතුළේ මේ වනවිට ඉහළට එමින් සිටින තරුණ දේශපාලන නායකයන් තුන්දෙනකු ඉලක්ක කොට ප්‍රහාර එල්ල වීමය. ඒ නායකයන් තිදෙනා වන්නේ විපක්ෂ නායක මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සිරිවර්ධන, චරිත් අබේසිංහ සහ වරුණ දීප්ත රාජපක්ෂ යන තිදෙනාය. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සජබයට තිබූ විශාලම ප්‍රශ්නයක් වූයේ සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙන යෑමට තිබූ නොහැකියාවය. ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් සජබ මාධ්‍ය ඒකකයට නොතිබූ අතර, සමාජ මාධ්‍ය පිළිබඳ දැනීමක් ඇති පුද්ගයන්ද එහි නොවීය. මේ හේතුවෙන් මාලිමාව ඒ කාලයේදී සජබය සහ සජිත් ඉලක්ක කොට විශාල සමාජ මාධ්‍ය ප්‍රහාරයක් දියත් කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වීමට පවා නොහැකිව සජබය සිටියේ අතරමංවය.

නමුත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළුවේ ප්‍රසාද්, චරිත් සහ වරුණය. ඔවුන් තිදෙනා එක්ව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සජබය ඉහළ නංවන දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියා පමණක් නොව, ප්‍රතිවරුද්ධ දේශපාලන කණ්ඩායම්වල බොරුව රටට තහවුරු කොට පෙන්වීමටද කටයුතු කළහ. විශේෂයෙන්ම ආණ්ඩුව කරන තරමක් කරන්නේ සහ කියන තරමක් කියන්නේ ‘පච’ බව රටට ඔප්පු කර පෙන්වීමට මේ කෙටි කාලය තුළ මේ තිදෙනා සමත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයෙන් බරපතළ කඩාවැටීමකට ලක්වී සජබය හිස එසවීමට පටන්ගෙන තිබීමය. නමුත් දැන් සජබ ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා පිරිස් මේ තිදෙනාට එරෙහිව විශාල විරෝධයක් පක්ෂය ඇතුළේ මතුකරමින් සිටින බවක් ආරංචිය. එයින් පෙනීයන්නේ සජබය ඇතුළේ තරුණ නායකයන්ගේ නැගිටීමට මේ ජ්‍යෙෂ්ඨ සජබ කුමන්ත්‍රණකරුවන් ඉඩ තැබීමට සූදානම් නැති බවය.

පටන් අරන් හුඟක් කල්

මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් සජිත් සහ සජබය වට්ටන කුමන්ත්‍රණය ආරම්භ කළේ අද ඊයේ නොවේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිටම මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් සිටියේ සජිත් පරාජය කොට සජිත්ව බිම වට්ටා පක්ෂයේ බලය අල්ලන කුමන්ත්‍රණයකය. ඉන් අනතුරුව සජබය එජාපය සමග එකතු කිරීමේ කුමන්ත්‍රණයකය. පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් සජබයට එක්ව සජිත්ට සහාය පළකිරීමට සූදානම් වෙද්දී මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවෝ ඊට එරෙහිව පක්ෂය ඇතුළේ විශාල මෙහෙයුමක් දියත් කළහ. පිරිසිදු නායකයන් සජිත්ට සහාය දීමට පැමිණෙද්දී ඔවුන් දූෂිතයන් බව කියමින් ඔවුන්ට අවමන් කළහ. ඔවුන්ට ආසන සංවිධායකකම් දෙද්දී ඇතැමුන් අඩි පොළොවේ හප්පමින් ඊට විරෝධය පළකළහ. තවත් සමහරු පැමිණෙද්දී ප්‍රසිද්ධියේම ඔවුන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළහ. එසේ කොට සජිත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළේ මහබැංකු හොරා යනුවෙන් ඔවුන්ම නම් පටබැන්ද රනිල් සමග එකතු වී සජබය එජාපයට පූට්ටු කිරීමටය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින 6කට පෙර පැවැති සජබ මැයි රැලියේදීද මෙවැනි කුමන්ත්‍රණයක් දියත් විය. සාමාන්‍යයෙන් මැතිවරණයක් කට ළඟ තිබියදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකතු වී මැයි රැලිය කොළඹ පැවැත්විය යුතු වුවද මේ කිසිදු ජ්‍යෙෂ්ඨයෙක් මැයි රැලිය කොළඹ පැවැත්වීමේ වගකීම භාරගත්තේ නැත. මේ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් ඉන් කරඅරිද්දී තලවාකැලේ මැයි රැලිය පැවැත්වීමේ වගකීම භාරගත්තේ වතුකරයේ නායකයන් වන දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන්ය.

මැයි 01 වැනි දින සජිත්ගේ දිනපොතේ තිබුණේ අවිවේකී න්‍යාය පත්‍රයක්ය. එදින පෙරවරුවේ කොළඹ කෙසෙල්වත්තේ ප්‍රේමදාස ගුණසමරුවට සහභාගි වීමට සජිත්ට තිබූ අතර, සවස සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සමග සහ දෙරණ නාලිකාව සමග රූපවාහිනී සංවාද වැඩසටහනක්ද යොදාගෙන තිබිණි. මේ නිසා සජිත් පෙරවරුවේ ප්‍රේමදාස ගුණසමරුව අවසන් කොට තලවාකැලේ යෑමට හෙලිකොප්ටර් යානයක් කුලී පදනම යටතේ ලබාගැනීමට කටයුතු කොට තිබිණි. නමුත් එදින දහවල් වනවිට අධික වර්ෂාවක් පතිත වන ලකුණු පහළ කොට තිබූ නිසා ගුවන් නියමුවා සජිත්ට දැනුම් දී සිටියේ ඉතා ඉක්මනින් කොළඹ යායුතු බවත්, එසේ නොමැති වුවහොත් හෙලිකොප්ටර් යානය ගුවන්ගත කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත්ය. මේ නිසා මැයි දින වේදිකාවට ගොඩවූ සැණින් සජිත් පක්ෂ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී සිටියේ සිය කතාව අවසන් වූ සැණින් කොළඹ යෑමට සිදුව ඇති බවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් නියමුවා යම් අනතුරු ඇඟවීමක් සිදුකළ බවත්ය. ඒ අනුව සජිත් කතාව අවසන් කොට වේදිකාවෙන් පිටව යෑමත් සමග රැස්ව සිටි ජනතාවද සජිත් සමග ඉවත්ව ගිය අතර, එය උපුටා දක්වමින් ආණ්ඩුව ඇතුළු අනෙකුත් කණ්ඩායම් සජිත්ට සහ සජබයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් සමාජ මාධ්‍ය ජාලවල එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.

නමුත් පුදුමයට කරුණ වූයේ සිදුවූ දේ නිවැරැදිව දැන සිටි කිසිදු සජබ ජ්‍යෙෂ්ඨ නායකයකු මේ ඇත්ත කරුණ රටට කියා මෙම සිදුවීම නිවැරැදි කිරීමට කටයුතු නොකිරීමය. අඩුම තරමින් සජබ මාධ්‍ය ඒකකය හෝ මේ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් සිදුකරමින් මාධ්‍ය නිවේදනයක් හෝ නිකුත් නොකිරීම පුදුමසහගතය. ඇතැම් විට සජබයේ සිටින කුමන්ත්‍රණකරුවන් විසින් සජබ මාධ්‍ය ඒකකයට දී තිබූ උපදෙස් නිසා මෙවැන්නක් සිදුවූවා විය හැකිය. නමුත් ඉන් තහවුරු වන්නේ සජබයේ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකාරීන් සහ සජබ මාධ්‍ය ඒකකය පවා මෙම සිදුවීමෙන් සජිත්ට සහ සජබයට කෙළවෙන තෙක් බලා සිටි බවය.

නමුත් සජබ කුමන්ත්‍රණකරුවන් එසේ කටයුතු කළද මැයි රැලිය සංවිධාන කළ රාධක්‍රිෂ්ණන් පමණක් එහි ඇත්ත තත්ත්වය පිළිබඳ රටට පැහැදිලි කිරීමක් කළේය. ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් නියමිත වෙලාවට පැමිණි බවත්, නියමිත වෙලාවට පිටව ගිය බවත්, රැස්වීමද නියමිත පරිදි අවසන් වූ බවත්ය. ඒ නිසා කම්කරු ජනතාවද සතුටින් විසිර ගිය බව රාධක්‍රිෂ්ණන් එහිදී කියා සිටියේය. රාධක්‍රිෂ්ණන් එසේ කියූවද අද වනතුරු පක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම පුදුමසහගතය.

මේ පාරත් කුමන්ත්‍රණයක

එමෙන්ම මෙවර අප මේ කුමන්ත්‍රණකරුවන්ගේ තවත් සැලසුමක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරද්දී පවා මේ කුමන්ත්‍රණකරුවන් සිටියේ මේ මැතිවරණයෙන් සජිත් සහ සජබය පරාජයට පත්වන තෙක්ය. අවසන් සතිය වන විටද ඔවුන් සිතා සිටියේ මෙවර සජබය ඉකුත් මහ මැතිවරණයටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇතැයි කියාය. මේ පිළිබඳ සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු දුරකතන සාකච්ඡාවල නිරත වෙමින් අදහස් හුවමාරු කරගෙන තිබූ ආකාරය අකුරක් නෑර ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ඔවුන් කතා කළේ මොනවාද, හුවමාරු කරගත් වට්ස්ඇප් පණිවුඩ මොනවාද යන්න පිළිබඳවද, ඒවා සිදුකළ කාලවේලාවන් පිළිබඳවද සියලු තොරතුරු අප සතුය. කුමන තත්ත්වයක් යටතේ වුවද, කුමන අවාසියක් සිදුවුවද ඉදිරියේදී ඒ සියලු නම්ගම්, තොරතුරු රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. එහිදී ඔවුන් සැලසුම් කොට තිබුණේ පළාත් පාලන මැතිවරණයෙන් සජබය පරාජයට පත්වූ වහා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කොට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස සජිත්ට දැනුම් දීමටය. ඒ නිසා එම කුමන්ත්‍රණකරුවන් කළේ ඇති තරම් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී සජිත්ගේ කකුලෙන් ඇදීමය.

සජිත්ද මෙම තොරතුරු නොදැන සිටියා නොවේ. නමුත් මැතිවරණ ව්‍යාපාරයක් අතරතුරදී පක්ෂය ඇතුළේ ගැටලු නිර්මාණය කරගත නොහැකි නිසා තනිවම සහ නිහඬව සජිත් ඊට මුහුණ දීමට කටයුතු කළේය. තනිවම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකළේය. මේ ආකාරයටම මෙම කුමන්ත්‍රණකරුවන් කණ්ඩායම මහ ඡන්දය අවසන් වීමත් සමග සජිත්ට විපක්ෂ නායකකම ලබා නොදීම සඳහාද කුමන්ත්‍රණයක් දියත් කළේය. ඊට අදාළව ලිපියක්ද සකස් කළේය. ඒ සියලු තොරතුරු වෙනම ලිපියකින් ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

මීට අමතරව මහ ඡන්දය අවසන් වූ වහා එක්තරා සජබ මන්ත්‍රීවරයකුගේ ගම්පහ නිවසකදී මේ කුමන්ත්‍රණකරුවන් සියලු දෙනා එක්ව සාකච්ඡා කළ ආකාරයද ‘රාජ්‍ය රහස්’ තීරයට රහසක් නොවේ. එම සාකච්ඡාවට එක්ව සිටි කිහිප දෙනකු පසුව රනිල්ට එක්වී දැන් සිටින්නේ නන්නත්තාරවය.

එමෙන්ම සජිත් සමග කාලයක් එකට සිටි තලතා අතුකෝරල සජබයෙන් එළියට බැස රනිල් ළඟට ගොස් ඉතා පහත් ආකාරයෙන් සජිත්ට බැණවැදුණු විට පවා සජබයේ සිටින ජ්‍යෙෂ්ඨ කිසිවකුත් සජිත්ව ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ නැත. අඩුම තරමින් සජිත්ව ආරක්ෂා කරනවා තබා තලතාට උත්තර බඳින්නට හෝ ඔවුන් කටයුතු කළේ නැත. එදා තලතා එසේ සජිත්ට ප්‍රහාර එල්ල කරද්දී සජිත් වෙනුවෙන් කතා කළේ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණි. ඒ, හේෂා විතානගේ සහ එස්.එම්. මරික්කාර්ය. සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් පළාත් පාලන මැතිවරණයෙන් සජිත් සහ සජබය විනාශ වන බව සිතා සිටියද මේ තරුණ මන්ත්‍රීවරු මෙවර මැතිවරණයෙන් සජිත් සහ සජබය ගොඩ යන බව සක්සුදක් සේ දැන සිටියහ.

මීට අමතරව පසුගිය ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන්ට එක්වූ තවත් කීප දෙනෙක් සජිත්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වී හර්ෂට පක්ෂ නායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්හ. එහි ඉදිරියෙන්ම සිටියේ කාවින්ද ජයවර්ධනත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍රත්, එරන්ද වැලිඅංගේත්ය. නමුත් ඔවුන් හර්ෂට නායකකම ලබාදෙන ලෙස කියද්දී ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව හර්ෂගේ කෝට්ටේ ආසනය තිබුණේ තුන්වැනි තැනට වැටීය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

සීගිරියට උඩින් පායන මන්දාකිණිය බලන්න පිදුරංගල කඳු මුදුනට මහ රෑ ගිය ගමන! මොන තරම් චමත්කාරජනකද? ඇයි සීගිරිය රෑට විවෘත නොකරන්නේ? Sri Lanka Latest News

Next Post

රම්බොඩ අනතුරේ රටම කතා කරපු සංවේදී ඡායාරූපයේ දරුවා ආරක්ෂා කරගෙන සිටි මවත් මියයයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.