ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් 1100 දෙනෙකු ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට ඉදිරිපත්ව ඇතැයි එහි සභාපති නීතිඥ රත්නසිරි කලුපහන මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පැවසුවේ, කෙසේ වෙතත් ඔවුන් සඳහා වන්දි ගෙවීමට මිලියන 2660 ක් අවශ්‍යව ඇති බවයි.
ස්ව කැමැත්තෙන් විශ්‍රාම යන සේවකයින්ට වන්දි ලබාදීමේ කටයුතු සඳහා මුදල් උපයා ගැනීමට ගැටළු මතුව ඇති බවද ඔහු සඳහන් කළේ ය.
ජුනි මාසයේ වැටුපෙන් අඩක් ගෙවීම හේතුවෙන් ඉංජිනේරු සංස්ථාවේ ඊයේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේ ය.
එහි සභාපති නීතිඥ රත්නසිරි කලුපහන මහතා සඳහන් කළේ, මූල්‍ය අර්බුදය හමුවේ සේවකයින් සඳහා පූර්ණ වැටුප ලබා දීමට නොහැකිවූ බවයි.
කෙසේ වෙතත් ලබන සඳුදා සම්පුර්ණ වැටුප ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේ ය.










