හැමෝම හොය හොය හිටිය මහින්දට තිරුපති යන්න ජෙට් එක දුන් ව්‍යාපාරික හිතවතා එළියට එයි! (PHOTOS)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට තිරුපති බලා පිටත්ව යාම සදහා සිය පෞද්ගලික ජෙට් යානයක් ලබා දී වේලුපිල්ලේ කනනාදන් විසින් බව මේ වනවිට අනාවරණය වී ඇත.

කනනාදන් මහතා ඉකුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී උගන්ඩාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ‌වත්මන් රජය යටතේ කෙන්යාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

හෙතෙම රාජපක්ෂ පවුලේ හිතවතකු ලෙස සැලකෙන කනනාදන් මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සමග හිතවත්කම් පවත්වාගෙන යන්නකු ලෙස සැලකේ.

පහත දැක්වෙන ජායාරූප දෙස බැලීමේදී ඒ බව මනාව තහවුරු වනු ඇත.

කෙසේවෙතත් මෙම ව්‍යාපාරිකය පිළිබදව පළමුවරට රටට අනාවරණය කළේ පුබුදු ජාගොඩ මහතා විසිනි.

Exit mobile version