ආණ්ඩුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඉදිරිපත් කොට ඇති යෝජනාවක් මගින් බිලියන 13900ක් දක්වා බිලියන 9000කින් ණය සීමාව ඉහළ නංවා ගැනීමට අවසර ඉල්ලා ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එම ප්‍රමාණය ඩොලර් බිලියන 30කට ආසන්න බවකි.
දැනටම් රටේ දෙස් විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83ක් බව කී ඒ මහතා ඊට ඉදිරියේදී තවත් ඩොලර් බිලියන 30ක ණයක් එකතුවීමට නියමිත බවත්, මෙය පසුපස ලොකු කුමන්ත්‍රණයක් පවතින බවත්ය.










