2018 වසරේ දී, සිය මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පිළිබදව සත්‍යය හෙළි නොකර, ගිනි අවියක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අදාලව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න් අධිකරණය මගින් වරදකරුවකු බවට පත් කර තිබේ.Sri Lanka Latest News
නඩු තීන්දුවට අනුව, ඔහුට සිරදඩුවමක් විදීමට සිදුවිය හැකි ය.
ඔහු විසින් සිදුකර තිබෙන වරද අනුව, උපරිම සිරදඩුවම වසර 25 කි. නමුත් එතරම් දීර්ඝ සිරදඩුවමකට ඔහු යටත් නොකරනු ඇති බව වාර්තා වේ.
සිය පුත්‍රයා හෙරොයින් භාවිතයට ඇබ්බැහිව සිටි බව ජෝ බයිඩ්න් පිළි ගනී.
නමුත් ඔහු ඒ ඇබ්බැහියෙන් ගැලවී යළි යථා තත්ත්වයට පත් වීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
කෙසේ වෙතත්, අධිකරණයෙන් සිය පුත්‍රයා වරදකරුවෙකු වුවහොත් ඔහුට සමාව නොදෙන බව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා තිබුණි.
නීතිමය ක්‍රියාවලිය තුළ සිය පුත්‍රයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව පවසන ජනාධිපතිවරයා, එම ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යන බව පවසා තිබේ.









