රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා සහ තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි වි තරුණියකය.
මෙම සැකකාර තරුණිය තාවකාලිකව පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට ඇති බවත් මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් පරිකෂනවලින් හෙළිව ඇති බව වාර්තා වේ.
මීමුරේ ප්‍රදේශය පදනම් කරගෙන රූගත කළ අසභ්‍ය වීඩියෝ පටයක් ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති අතර එම වීඩියෝවට ද මොවුන් පෙනී සිට ඇති බව අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා වේ.









