අමෙරිකාවේ ආහාර හා ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් හට දින තුනක පුහුණු වැඩමුළුවක් අද (30) පැවැත්විණි.Sri Lanka Latest News
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා,
“ඒ සෑම මරණයක් පිළිබඳව අපි පරික්ෂණයක් පවත්වනවා. ඒ ඖෂධ සියල්ලම අපි භාවිතයෙන් ඉවත් කළා. ඔබ දන්නවා ඇති එන්නතකින් ආසාත්මිකතාවයක් නිසා රෝගියෙක් මියගියා. දැන්නම නියම කරලා තියෙනවා එම ඖෂධය ඔස්ට්‍රේලියාවේ TG ආයතනයට යවන්න කියලා මේක පරික්ෂා කරලා බලන්න. දැනට මම තුනක් හතරක් වගේ ඉවත් කරලා තියෙනවා.”
ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා ඉවත් කළාට ආයෙත් ඒ බෙහෙත් එන්න පුළුවන් කියලා?
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – “එහෙම එන්න බැහැ. ඒ ආයතනය අසාදු ලේඛනගත කළා. ඉන්දියාවේ ආයතනය සම්පූර්ණයෙන් ආසාදු ලේඛනගත කරනවා.”
ප්‍රශ්නය – ඔබ පිළිගන්නවා බාල ඖෂධ ලංකාවය ඇවිල්ලා කියලා?
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – ”සමහර බාල ඖෂධ ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අර ඇස්වලට ගෙනාපු බෙහෙත බාලයි. ඒක මම පිළිගන්නවා. අපි ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඖෂධ කාණ්ඩ ගණනාවක් එනවා. අපිට කුප්පියෙන් කුප්පියට පරික්ෂා කරන්න බැහැ නේ.”









