• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය ඇමැති ඩී.වී චානකගේ මාමණ්ඩිය මරා දමා ඇත්තේ ‘ඇහැට-ඇහැක්’ න්‍යායේ පාතාල පළිගැනීමකට! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ‘රත්ගම විදුර’ කල්ලියෙන් පළිගන්න කොස්ගොඩ සුජී! I Sri Lanka Latest News

September 24, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ගාල්ලේ වෙඩි තබා මරා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩියව! වෙඩි 15ක් සිරුරට වැදිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලිබල හා බල ශක්ති රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය වූ ගාල්ලේ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් (60) ඝාතනය වන්නේ ඩුබායි සිට මෙහෙයවන පාතාල කල්ලි දෙකක් අතර වූ දාම ඝාතනයක ගොදුරක් ලෙසින් දැයි පොලිසියට සැක පහළ වී තිබේ.Sri Lanka Latest News

මේ වනවිට රට ව්‍යසනයකට ලක් කරන පාතාල අපරාධකරුවන් වූ රත්ගම විදුරගේ සහ කොස්ගොඩ සුජීගේ අපරාධ කල්ලි දෙක එකිනෙකා මරා ගනිමින් සිටිති. ඒ එකිනෙකාට තදින්ම රිදෙන ඔවුන්ගේ සමීපතමයන් ඝාතනය කිරීමෙනි. ඒ සඳහා උත්සාහයන් දියත් කරමිනි.

මේ දාම අපරාධයන් රටට පැහැදිලිව නිරීක්ෂණය වන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක මහේෂ් ද සොයිසාට පසුගිය මැයි මස (26) වැනිදා උදෑසන අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ දි එල්ලවු වෙඩි ප්‍රහාරයකිනි.

නියෝජ්‍ය විදුහල්පතිවරයා බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු නිවසේ සිට යතුරුපැදියෙන් සේවය සඳහා විදුහල වෙත පැමිණෙමින් සිටියදි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි.

වෙඩි පහර කාගෙනම යතුරුපැදියෙන් කිලෝමීටරයක් පමණ දුරක් පැමිණි නියෝජ්‍ය විදුහල්පතිවරයා අනතුරුව අම්බලන්ගොඩ පොලිසිය වෙත දුවගෙන එද්දීත් වෙඩික්කරුවන් ඔහු පසු පස හඹා විත් වෙඩි තැබුවේය. නමුත් ඔහුව මරා දැමීමේ ඉලක්කය වැරදී ගියේය. බරපතල තුවාල ලද ධනුක මහේෂ් ද සොයිසා නියෝජ්‍ය විදුහල්පතිවරයා අම්බන්ගොඩ පොලිසිය විසින් කරාපිටිය රෝහලට රැගෙන ගියේය.

වෙඩි කෑ නියෝජ්‍ය විදුහල්පතිවරයා නෑකමින් කොස්ගොඩ සුජී නැමැති පාතාල අපරාධකරුගේ මාමා කෙනෙකි. මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ රත්ගම විදුරගේ පාතාල කල්ලියෙන් බවට විමර්ශන අංශ හෙළි කර ගත්තේය.

පසුගිය ජූනි 12 වැනිදා තවත් ආන්දෝලනාත්මක ඝාතන තැතත් වාර්තා විය. ඒ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්වන දුලාජ් තරංග ගමගේ තරුණියක මාර්ගයෙන් සීනිගම දේවාලය අසලට ගෙන්වා වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයකිනි.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සීනිගම දේවාලය අසලට ගෙන්වාගෙන තිබුණේ හබරාදූවේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. ඇය ඔහුව සමීප දන්නා කෙනෙක් බව වාර්තා විය. දුලාජ් සීනිගම දේවාලය අසලට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් ඔහුට වෙඩි තැබූවේය.

ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත්  වෙඩි පහර කාගෙනම වාහනය අම්බලන්ගොඩ  පොලිිසියට පදවාගෙන ගියේය. පොලිසියෙන් ඔහුව ගිලන් රථයක දමා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.ඝාතනය කිරීමට හැදූ දුලාජ් තරංග ගමගේ පාතාල අපරාධකාර රත්ගම විදුරගේ බිරියගේ සොයුරාය. එනම් රත්ගම විදුරගේ මස්සිනාය.

දුලාජ් ඝාතනය කිරීම සඳහා උත්සාහ කර ඇත්තේ කොස්ගොඩ සුජී විසින් ඩුබායිහි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.දුලාජ් තරංගත් ජීවිතය බේරා ගත්තේය.

දුලාජ් ඝාතනය කරවීමේ අදහසින් ඔහුව සීනිගම දේවාලය අසලට ගෙන්වා ගත් හබරාදූවේ 22 හැවිරිදි තරුණිය එදිනම සවස කටුනායක ගුවන් තොටුපලින් මාල දිවයින බලා ගියාය. දැන් ඇය සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බව කියැවිනි.

දුලාජ් තරංගට වෙඩි තබා තිබුණේ කොස්ගොඩ සුජීගේ මාමා කෙනෙක් වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක මහේෂ් ද සොයිසාට එල්ල වූ වෙඩි ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස බව විමර්ශන අංශ කීවේය.

පසු ගිය ජූනි 21 අලුයම කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සිය නිවෙස ඉදිරිපිටදී 52 හැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඔහු බීච් බෝයි කෙනෙක් ලෙස රැකියාව කළ පුද්ගලයෙකි. කවුරුත් ඔහුව දැනගෙන හිටියේ රන් මහත්තයා කියාය.

කොස්ගොඩ රන් මහත්තයා රාත්‍රී කාලයේ සිය ජංගම දුරකතනය විසන්ධි කර නින්දට ගිය පසු නැවත ඇහැරෙන්නේ පෙරවරු 10.00ට පමණය. එහෙත් ඔහුව ඝාතනය වූ ජූනි 21 අළුයම 5.30ට පමණ ඇහැරී නිවෙසේ ඉදිරිපස ගේට්ටුව විවෘත කිරීමට ගිය අවස්ථාවේදී වෙඩි තබා මරා දමා තිබිණි.

විමර්ශන අංශ කීවේ ඔහුගේ ජංගම දුරකතනය පවා ඒ වන විටත් අක්‍රීයව තිබී ඇති බවය. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් රන් මහත්තයාගේ නිවෙස අසලට පැමිණ ඔහුට කථාකර නිවෙසින් පිටතට ගෙන්වාගෙන පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක කළේය.

රන් මහත්තයා යනු කොස්ගොඩ සුජීට සමීප ඔහුගේ මාමා කෙනෙකි. මෙම ඝාතනය සිදුකර තිබුණේ රත්ගම විදුරගේ පාතාල කල්ලිය විසින් බව විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි. එය සිදුවන්නේ ජූනි 12 වැනිදා සීනිගම දේවාලය අසල දී රත්ගම විදුරගේ මස්සිනා වූ දුලාජ් තරංග ගමගේ ඝාතන තැතේ පළිය ගන්නට බව විමර්ශන අංශ කීවේය.

රත්ගම ආදාහනාගාරය පිටුපස කළපුවේ පාවෙමින් තිබු අත් පා ගැට ගසන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් මේ මස 18 දා රාත්‍රියේ ගොඩට ගෙන තිබිණි.

මේ මෘත ශරීරය රත්ගම ගම්මැද්දේගොඩ පදිංචි ගෝණාපීනුවලගේ ශෙහාන් නිලංග නමැති 28 හැවිරිදි පුද්ගලයාගේ බවට හඳුනා ගත්තේය.

ඔහු ස්ථිර රැකියාවක් කළ අයෙක් නොවේ. විදේශ රැකියාවක නිරතව සිට මෙයට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

පොලිසිය කරන ලද මුලික පරීක්ෂණවලදි අනාවරණය වූයේ ඉකුත් 17වනදින දහවල් මියගිය පුද්ගලයා මිතුරන් පිරිසක් සමග කළපුව අසල හෝටලයක මත්පැන් පානය කරමින් සිටියදි සවස 2.30 ට පමණ ලැබුන දුරකතන ඇමතුමකින් පසුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවය.

එහෙත් ඔහු එදින රාත්‍රි නිවසට නොපැමිණිම නිසා පසුදින බිරිය පොලිසියට පැමිණිලි කර තිබිණි. එදිනම රාත්‍රියේ අත් පා බැඳ දමා ඝාතනය කර කලපුවට දමා තිබුණු තරුණයාගේ මළ සිරුර කළපුවේ පාවෙමින් තිබියදී හමුවුනේය. .

මේ ඝාතනයකර තිබුණේත් කොස්ගොඩ සුජීගේ සමීප හිතවතෙක් බවත් එම ඝාතනය සිදුකර ඇත්තේත් රත්ගම විදුර විසින් බවත් විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි.

අද වැඩි වශයෙන්ම අවධානයට ලක් වී අති මේ කතාව පෙළ ගැසීමට ප්‍රස්තුත වූ සිද්ධිය මෙයය. එනම් විදුලි බල හා බල ශක්ති රාජ්‍ය ඇමති ඩී.වි.චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් (60) ගාල්ල ඩික්සන් හන්දියේ දී වෙඩි තබා ඝාතනය කිරීම ය.

මේ ඝාතන වැලේ සහ වෙඩි තැබීම් දාමයේ ප්‍රස්තුත අරමුණ ස්වකීය ප්‍රතිවාදියා වැඩි වශයෙන් රිදවීමය. ඊයේ ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් රත්ගම විදුරගේ ඥාතියෙකි.
දැනට විමර්ශන අංශ සැක කරන්නේ මේ ඥාතීත්වය මත රත්ගම විදුරගෙන් දැනෙන ලෙස පළි ගැනීම සඳහා ඩුබායි හි සිට කොස්ගොඩ සුජී විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවය.

එම සැකය ඔස්සේ ලද හෝඩුවාවන් මත අපරාධ පරීක්ෂකයන් සිය විමර්ශන මෙහෙයවන්නේය. යම් තහවුරු කරගත් සිදුවීමක් ඇතිනම් ඒ සම්බන්ධව නිල වශයෙන් දැනුම් දීමට පොලීසිය සූදානම්ය.

ලංකාසර

SendShareShare
Previous Post

රූකාන්තගේ දුව රයිනි ඊශ්‍රායලයේදී අනතුරකින් අනූනවයෙන් බේරෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හදිසි රෝගී තත්ත්වයකින් මියගිය පේරාදෙණිය සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.