නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර ‘ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණයේ පිහි ප්‍රහාරයක් සිදුවුණු බවත් පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.
ප්‍රහාරයෙන් 6 දෙනකු තුවාල ලබා ඇති බවත් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් නවසීලන්ත පුවත් සේවා පෙන්වා දෙයි.
පොලිසිය කළ වෙඩි තැබීමෙන් පිහි ඇනුම් සිදු කළ තැනැත්තා මියගිය බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබේ.










