පසුගිය කාලපරිච්ජේදයේදී යුරෝපයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති භාණ්ඩ රැසක් බාල තත්ත්වයේ ඒවා බවට අනාවරණය වී තිබීම හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක්ම ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ අත්හිටුවීමට තීරණය කර ඇති බවට මාධ්‍ය අනාවරණය කොට ඇත.
යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපතිවරිය වන ග්‍රේස් ආශිර්වාදන් මහත්මිය සදහන් කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවය.
ශ්‍රී ලංකාවේ අපනයනය කරන ලද බිස්කට්, සහල්, බුලත් කොළ, පළතුරු, එලවළු, පැලෑටි භාණ්ඩ හා ගම්මිරිස් තොගවල විවිධ තහනම් ද්‍රව්‍ය අඩංගු වී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.
ලංකා අපනයනවලින් විශාල ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේද යුරෝපා කොමිසමේ රටවල්ය.
කෙසේවෙතත් යුරෝපා කොමිසම මගින් ලබා දී ඇති ජීඑස්පී ප්ලස් සහනයද අවදානමක පවතින මේ මොහොතේ මෙම භාණ්ඩ සියල්ල අත්හිටුවීමට එම රටවල් තීරණය කළහොත් ලංකාවේ ආර්ථිකයට එය බරපතළ පහරක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.









