• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටු ඇනිච්ච නංගි බබා..! අනේ ඔයා දැන් එන්නකෝ…!

December 25, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කටු ඇනිච්ච නංගි බබා..! අනේ ඔයා දැන් එන්නකෝ…!
Share on WhatsAppShare on Facebook

නංගි බබා කියන්නේ ලංකාවෙ රණවිරුවො උද්ඝෝෂණය කරන කොට කටුවකින් ඇනෙනවා වගේ දැනිච්ච නංගි බබා නේද මේ. ඒ වෙලාවෙ ඔයාගෙ තිබිච්ච ජාතිකානුරාගය, ජාතික ආලය අපිව හිරිවැට්ටුවා නංගි බබා. අපට පිස්සු හැදුණා. ඔයාගෙ මූණෙ තිබිච්ච ලස්සන, ඒ පෙනුම, ඒ හැඟීම්, ඒ අභිමානය අපිව තිගස්සවනසුළු වුණා. අපි ඒ වෙලාවෙ තේරුම් අරගත්තා අපට වගකීමක් තියෙනවා කියලා මේ රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. අපට ඒක දැනුණා. ඔයා කිව්වේ මම ගෙදරට වෙලා ඉන්නකොට මට ගෙදර ඉන්න හිතුණෙ නෑ. මට කටුවකින් අනිනවා වගේ හැඟීමක් ඇතිවුණා කියලා. ඒ කටුවකින් අනින හැඟීම අපට නොදැනුණාට අපට ඒක වෙන විදියකට දැනෙන්න පටන් අරගත්තා.
ඒ වෙලාවෙ මුළු රටම ඔයාගෙ ඇස්දෙක දිහා බලාගෙන හිටියා නංගි බබා. ඔයා ඒවා කිව්වේ ඔයාගෙ හදවතින්ම. කටින් නෙවෙයි. ඔයාගෙ හදවත කොච්චර ලස්සන ඇද්ද කියලා අපට තේරුණා. ඇත්තටම ඔයාගෙ මූණත් ලස්සනයි. ඔයා තරුණ වයසෙ පුංචි කෙල්ලෙක් හින්දා. අපට ඔයා කියන එක පිළිගන්න ඕනේ තරම් කරුණු කාරණා තිබුණා.

ඒ වෙලාවෙ රණවිරුවො මහ පාරෙ ගිනි අව්වේ සටන්වදින කොට, ඒ මිනිස්සු ඉඳගෙන ඉන්නකොට තමන්ගෙ වැටුප ගැන ඒ අය කෑගහල ඉල්ලනකොට, උගුර ලේ රහ වෙනකන් ඒ මිනිසුන්ගෙ වේදනාව, කඳුළ පාරෙ ගිනි අව්වට පිච්චෙනකොට ඔයා ඒ කිසි දෙයක් නොහිතා ඒ ගිනි අව්වට එදා ආවා. ඔයාගෙ ලස්සන මූණ කැත වෙයි කියලා අපට බය හිතුණා. ඔයාගෙ ලස්සන සුදුපාට ඇඟට ඒ ඉර අව්ව දරාගන්න පුළුවන්ද කියලා අපට හිතුණා. ඒ සියුමැලි ඔයා එදා සටන් බිමට ආවා වගේ අදත් ඒවි කියලා අපි බලාගෙන ඉන්නවා නංගි බබා. කවදා හරි දවසක ආයෙත් ඔයා කොහෙන් හරි මතුවේවි. ඔයා විහාරමහා දේවිය වගේ මේ රට බේරගන්න මූදට හරි බිලිවෙන්න ලෑස්තියි කියලා එදා අපට තේරුණා. ඒ වෙලාවෙ ඔයාගෙ වචනය අහපු මේ රටේ ලක්ෂ ගානක් මිනිස්සු හිටියා. ඔයාගෙ වචනෙත් එක්ක මේ රටේ මිනිස්සු ලක්ෂ ගානක් ආයෙත් අපට වගකීමක් තියෙනවා කියන එක තේරුම් අරගත්තා. ඒ තේරුම් අරගත්තට පස්සේ ඔයා කරපු ඉල්ලීම ඇත්තටම ඉෂ්ට වුණා. මොකද ලක්ෂ 69ක් ජනතාව ඔයා වගේම මේ රට වෙනස් කරන්න මේ රට හදන්න ඡන්දෙ දුන්නා. එදා ඒ රණවිරුවො වෙනුවෙන් ඔයා සටන් බිමට ආවා වගේ තව ලක්ෂ ගානක් මිනිස්සු ගෙවල්වල ඉඳන් ඔයා එක්ක එකතු වුණා. ඔයා වෙනුවෙන් ෆේස්බුක් එකේ කවි ලිව්වා. ඔයා වෙනුවෙන් ෆේස්බුක් එකේ පෝස්ට් හැදුණා. ඔයා වීරවරියක් වුණා. හැබැයි අපට එදා දැනුණේ ඔයාට අවශ්‍ය වෙලා තිබුණේ වීරවරියක් වෙන්න නෙවෙයි, වීරයන් වෙනුවෙන් පෙනී ඉන්න. වීරයන් ආරක්ෂා කරන්න.

අත්පා ඇස් මේ මහ පොළොවට දන්දුන්නු මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න. හැබැයි නංගි බබා ඒගොල්ලො ගෙදර ගියා. ඔයත් ගෙදර යන්න ඇති කියලා අපි හිතනවා. ඒගොල්ලො ගෙදර ගියාට පස්සේ තව ගොඩක් අය ඔය විදියටම කොටුවෙ දුම්රියපළ ගාවට ආවා. සමහරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයො, සමහරු ගුරුවරු, තවත් සමහරු විවිධ තරාතිරම්වල කට්ටිය. ඒගොල්ලන්ට නංගි බබා ඔයාලා එකතු වෙලා හදාපු ආණ්ඩුවෙන් දුවන්න ගැහුවා. සමහරුන්ගෙ ඉල්ලීම් ඉෂ්ට කළේ නෑ. සමහරුන්ව හිරකෙරුවා. ඔතන නෙවෙයි ගෝල්ෆේස් එක ගාව අලුතෙන් හදලා තියෙන උද්ඝෝෂණ ස්ථානයෙ ඉන්න අයගෙ පවා කූඩාරම් කඩල වීසි කෙරුවා. එහෙම කරනකොට ඔයා හිටියා නම්, ඔයා දැක්කා නම් ඔයාට කොච්චර රිදේවිද නේද? ඔයාට කොච්චර වේදනාවක් ඇතිවේවිද? ඔයා දන්නවද නංගි බබා දැන් අපට හොඳටම ප්‍රශ්න. ගෙදර ඉන්නෙත් බයෙන්. ඒ මොකද දන්නවද, ගෑස් ටැංකිය පුපුරයි කියලා. කාට කියන්නද නේද මේවා? ඔයා හිටියා නම් ඉඳිකට්ටකින් අනිනවා වගේ දැනිච්ච දැනීම දැන් දැනේවි ඉඳිකට්ටකින් සමනල ගවුමක් මහනව වගේ. මොකද හැම තැනටම අනිනවා නංගි බබා. මේ වේදනාව දරාගන්න බැරුවයි ඔයාට කියන්නේ. ඉන්න තැනකින් එන්න නංගි බබා. දැන් ආයෙත් ඔයාට විහාරමහා දේවි වෙලා මේ රටට පායන්න කාලෙ හරි. මොකද අපට හරියට ප්‍රශ්න. සීනි කිලෝ එකක් ගන්නත්, තව කිලෝ එකකත් ගන්න තව පෝලිමකත් ඉන්න වෙලා. සීනි කිලෝ දෙකක් ගන්න නම් ගෙදර දෙන්නෙක් යන්න ඕනේ. කිලෝ හතරක් ගන්න නම් හතර දෙනෙක් යන්න ඕනෙ. ඒක එහෙම වුණේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් නංගි බබා. දැන් මේ වෙනකොට හාල්වලට පාලන මිලක් නෑ. හාල්වල මිල පාලනය කරන්නේ හාල් මිල වැඩිකරපු අයමයි. එක දවසින් මාෆියාව දුරු කරනවා කියලා ආපු පාලකයො ඒ මාෆියාවෙ අයිතිකාරයන්ට ඕනෙ විදියට මිල ගණන් හදාගන්න දීලා වෙච්ච දෙයක් නෑ නංගි බබා. අපි බලාගෙන ඉන්නවා කවදා හරි දවසක ආයෙත් ගිහිල්ලා නාරාහේන්පිටදී කනට ගැහුවා වගේ මේ මිල පාලනය තමන්ගෙ අතට ගත්තු හාල් මුදලාලිලගෙ කනට ගහන්න වීරයෙක් බිහිවේවි කියලා. ඒත් ඉතින් එන පාටක් නෑ නංගි බබා. හාල් ගණන් යනවා විතරයි.

දැන් කොත්තුවක් කන්න ලේසි නෑ. කැරට් ටික, ලීක්ස් ටික, බෝංචි ටික පවා ගණන් ගිහිල්ලා. කඩවල රයිස් කොත්තු හරිම ගණන් නංගි බබා. අපට ලේසියෙන් කන්න තිබුණෙ ඔච්චරයි. ඉතින් කවුදෝ කෙනෙක් ෆේස්බුක් එකේ දාලා තිබුණා ඔයා කොහෙදෝ පිට රටක ඉඳගෙන හැම්, බේකන්, චීස්, පුඩින් කනවා කියලා. අපි නම් ඉතින් ඒවා විශ්වාස කරන්නේ නෑ. ඔයා එහෙම කරන කෙනෙක් නෙවෙයිනෙ. ඔයා ජාතික අනුරාගයෙන් ඔදවැඩිච්ච, මේ රට වෙනුවෙන් සටන් කරන, මේ රට වෙනුවෙන් අනාගතයට බිහිවෙන්න ඉන්න කුමාරිකාවක්. ඒ වගේ කෙනෙක් මේ රට අතහැර දාලා ඇමෙරිකාව වගේ පරදේශක්කාර රටකට යාවි කියලා කවුරු කොහොම කිව්වත් අපි නම් විශ්වාස කරන්නේ නෑ. පින්තූරෙකුත් පළ කරලා තිබුණා. සමහර අය කියලා තිබුණා ඒ පින්තූරෙ දාලා, ඔයා ලංකාවෙ හිටිය නම් දැන් යකඩ ඉන්නෙන් ඇනිනවා වගේ දැනේවි කියලා. අපි දන්නවා ඔයා කවදාවත් ඇමෙරිකාවට යන්නේ නෑ කියලා. ඒ වගේම ඔයා ලංකාවෙ හිටියත් ඔයාට ඇස් කන් පේන්නෙ නැති තත්ත්වෙකට පත්වෙලාද දන්නෙත් නෑ. ඔයාට මේවා දැනෙන්නෙ නැති තත්ත්වෙකට පත් කරලද දන්නෙත් නෑ. මොකද ඔයා හදිසියෙ කඩාගෙන බිඳගෙන ඇවිල්ලා තනියම සටන් කරලා මේ රටේ තියෙන පාලනය පෙරළලා මිනිසුන්ට ගහලා බැනලා පාලකයො එළවලා දාලා රට ආයෙ බේරගනී කියලා අපේ පාලකයො බය ඇති. මොකද එයා ඒ තරම් වීර කාන්තාවක්. ඔයා කිසි දේකට බය නැති කෙනෙක්.

මිනිස්සු නම් කියනවා ඔයා ඉරාජ්ගෙද කාගෙන අතකොලුවක් කියලා. ඒක කැම්පේන් එකක් කියලත් කියනවා. ඔය කැම්පේන් කියලා කියන්නේ පාලකයො බලයට ගෙන්න ගන්න සල්ලි දීලා කරන උපක්‍රමනෙ. ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා අපට විශ්වාසයි. මොකද ඔයා වීර කාන්තාවක්නෙ. ඒ වගේ වීර කාන්තාවකට සල්ලි දීලා, එහෙම තැනකට එවලා කතාවක් කියෙව්වා නම් එයා වීර කාන්තාවක් වෙන්නෙ නෑ. ඒක තුට්ටු දෙකේ වැඩක්. ඒ වගේ ජරා වැඩ කරලා මේ රටේ පාලනය එක එක කණ්ඩායම්වලට අයිති කරල දීලා අහිංසක මිනිසුන්ගෙ හීන එක්ක සෙල්ලම් කරන එක මහ බලු වැඩක්. ඒ විදියෙ බලු වැඩක් ඔයා කරයි කියලා අපි හිතන්නෙ නෑ. මොකද ඔයාගෙ මූණ දැක්කාම අපට දැනුණා ඔයාගෙ තිබුණු වේදනාව. කවුරු මොනව කිව්වත් අර දිනුවට පස්සේ කේක් කපන පින්තූරෙ හිටියෙ ඔයා කියලා මට නම් කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. මොකද ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන එහෙම හිතන්න මට හිත දෙන්නෙ නෑ. මොකද ඇත්තටම කියනව නම් ඔයාගෙ තිබුණු වීරකම, ජාතිකානුරාගෙ, දේශාභිමානෙ ඒක නිකන් මේ ඡන්ද කැම්පේන් එකකට ලඝු කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලයි අපට එදා හිතුණේ.

කොහොම වෙතත් ඔයා ඇමෙරිකාවට ගියෙ නෑ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඔයා ඇමෙරිකාවට ගියා නම් ආයෙත් එන්න. මූදු හතක් එහා ඉඳලා මේ රටේ ප්‍රශ්න ඔයාට කවදා හරි දවසක පෙනේවි. අපි ඉන්නේ හරි බයෙන්, වේදනාවෙන්. අපට කන්න බොන්න නෑ. අපි දැන් එළවළු කිලෝ එකක් ගන්නේ රුපියල් 400කට. ග්‍රෑම් 250 ගන්නේ රුපියල් 100ට. එහෙම සල්ලි දීලාවත් ගන්න සමහර වෙලාවට එළවළු නෑ.

තෙල් ප්‍රශ්නෙ දරුණුවටම ඇවිල්ලා. අද තෙල් ඉවර වෙයි, හෙට තෙල් ඉවර වෙයි කියලා බයෙන් ගැහෙමින් තමයි අපි ඉන්නේ. වාහන පෝලිමට ඇවිල්ලා සමහර වෙලාවට තෙල් ගහගන්නවා. ඒ තෙල් ඉවර වෙයි කියන බයට. එක දවසක් පැය 6ක් විතර කරන්ට් එක කපලා තිබුණා. ඉක්මනටම මුළු රටටම කරන්ට් එක කපනවා කියලා විදුලි බලය සම්බන්ධයෙන් ඉන්න සේවකයො කියනවා.

ඒගොල්ලො කියන්නේ ඒගොල්ලන්ගෙ ඉල්ලීම් නොදුන්නොත් සටන් බිමට එනවා කියලා. මේ ලියන දවස වෙනකොට ආයෙත් ඔන්න තවත් කණ්ඩායමක් උද්ඝෝෂණයකට ලෑස්තියි. ඒ තැපැල් සේවකයන් ඇතුළු පිරිස. ලංකාවෙ තැපෑල නතර වුණොත් එහෙම මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ. ඉතින් හිතාගන්නවත් බැරි දේවල් ඕනෙ තරම් ලංකාවෙ තියෙනවා. ඒ වගේම එදා ඒ රණවිරුවන්ට තිබුණු වේදනාවට වඩා හැඟීමක්, වේදනාවක්, බඩගින්නක්, බයක් ලංකාවෙ සියලු පුරවැසියන්ට ඇතිවෙලා.

ඒක කළේ කවුද, ඒක වුණේ කොහොමද කියන එක අපට තේරෙන්නෙ නෑ නංගි බබා. ඔයා ඉන්න ලෝකෙකින් ඉක්මනට එන්න. ඇවිල්ලා ආයෙත් ස්ටේෂම ගාවදි මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න සූදානම් වෙන්න. අපිත් ලෑස්තියි ඔයත් එක්ක එකතු වෙන්න. ඔයා වීර කාන්තාවක්නෙ. ඔයාට ඇමෙරිකාවට ගිහිල්ලා හැම් බේකන් චීස් පුඩින් කකා අපේ රටේ ප්‍රශ්න දිහා බලන්න බෑ කියලයි ගොඩක් අය කියන්නේ. ඔයා නිකන් එදා ආණ්ඩුවෙ අතකොලුවක් විදියට, ඒ කියන්නේ පවතින ආණ්ඩුවෙ අතකොලුවක් විදියට සල්ලි දීලා කරවපු ප්ලෑන් එකක් කියලා මේ රටේ මිනිස්සු කියනවා. එහෙම කියනකොට අපටත් දුක හිතෙනවා. ඒක නිසා ඔයා ආයෙත් වීර කාන්තාවක් වගේ එළියට එන්න. ඇවිල්ලා මේ ආණ්ඩුව අපි පෙරළමු. මේ ආණ්ඩුවෙ වැරැදි ඉන්න තැනක ඉඳන් කියලා ෆේස්බුක් එකට දාන්න.

ඔයාට එදා ප්‍රශ්න දැනුණා නම් අද ප්‍රශ්න නොදැනෙන්න විදියක් නෑනෙ. එදා ඔයාට කටුවලින් අනිනවා වගේ හැඟීමක් ආවා නම් අද ඒක දහ ගුණයක් විසි ගුණයකින් වැඩිවෙලා දැනෙන්න ඕනෙ. එහෙම නොදැනෙනවා නම් ඔයාට එදා ඉඳන් මේ දක්වා අතර කාලයෙදි හැඟීම් දැනීම් නොදැනී යෑමේ ලෙඩක් හැදිලා තියෙනවද කියල නම් අපි දන්නෙ නෑ. හැබැයි නංගි බබා මතක තියාගන්න, අපට නම් එහෙම ලෙඩක් නෑ. ඒක නිසා අපට එදා ඉඳන් මේ දක්වාම අපේ රටේ හුඟක් කට්ටිය ඇවිල්ලා තිරය ඉස්සරහා නටපු නාඩගම් හොඳට මතකයි. ඒ නාඩගම්වලින් වැරැදුණේ අපට. අපේ අනාගත පරම්පරාවට. අපේ රටට. ඒ විදියට පාලකයො තමන්ට බලය ලබාගන්න මොනව කළත් ඇත්තටම පාලකයන්ට වඩා හුඟක් වෙලාවට මේ වගේ සෙප්පඩ විජ්ජා කරන නරි තමයි වැරැදි. මොකද ඒකට හේතුව තමන්ගෙ ආත්මය පාවාදීලා තුට්ටු දෙකේ වැඩ කරන්න තරම් අපේ රටේ කොල්ලො කෙල්ලො පහත් තත්ත්වෙට වැටිලා කියන එක විශ්වාස කරන්නත් බෑ. ඒක ඒ තරම් අප්පිරියයි.

අපි කියන්නේ ඔයා ගැන නෙවෙයි. ඔයා එහෙම නෑ. ඔයා එහෙම නැති වුණාට එහෙම අයත් ඉන්නවලු නංගි බබා. අයියා කෙනෙක් මේ ලංකාවෙ ඉන්න. මගේ නම ජීවන පහන් තිළිණ.

SendShareShare
Previous Post

ජනපති හදිසියේ යළි ලංකාවට ආවාද? වැඩේ ඉවර කරගෙනම ලංකාවට ආවාද?

Next Post

කවදහරි බදින්නෙත් ටුවින්ස්ලවමයි… අපි එක රැයින් ජනප්‍රිය වුණා…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.