කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුටලුණු ලේවායට ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම තරුණයින් දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. Sri Lanka Latest News
අවුරුදු 17 සහ 21 හැවිරිදිබියේ පසුවන මෙම තරුණයින් දෙදෙනාගේ පාද වලට වෙඩි වැදී ඇති බව කුච්චවේලි පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ගැන හෝ මෙවැන්නක් කළ අය ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නොමැත.
කුච්චවේලි පොලිසියේ අපරාධීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.










