• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?
Share on WhatsAppShare on Facebook

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හෙවත් ‘සනා’ පසුගිය දවසක තම ‘ට්විටර්’ ගිණුම ඔස්සේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂට හීන් අතුල් පහරක් එල්ල කොට තිබුණේය.

හීන් අතුල් පහරකැයි වචනයට කිව්වට… සුද්ධ සිංහලෙන් කියනවා නම් එය කැත නෝන්ඩියකි… එහෙමත් නැත්නම් සුපිරි කින්ඩියකි. සනත් ජයසූරියගේම වචනවලින් ගළපා ලියනවා නම් ‘ට්විටර්’ පණිවුඩය මෙහෙමය.

‘දිගින් දිගටම අසාර්ථක වූ ක්‍රීඩකයකු කණ්ඩායමෙන් ඉවත් කළ විට… යළි යළිත් කණ්ඩායමේ රැස්වීම් සඳහා සහභාගි වෙමින් අලුත් නායකයා අපහසුතාවයට පත්කරනවා වෙනුවට එම ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩාවක නියැළෙන්නේ නම් එය නම්බුකාරය…’

නැවතිල්ලේ ටිකක් හිතලා බලනවා නම් සනත් කළ ඒ ප්‍රකාශය අමු අපහාසයකි. රිදෙන්නටම දුන් මරු කන් පහරකි..,

‘ඇයි සනත් එහෙම කළේ..?’

‘නාමල් තමන්ට අයිති නැති ජොබ් එකකට හොස්ස පොවන්නට යෑම එයට හේතුව විය.., තවත් විදියකට කියනවා නම් වැඩකට නැතිව කලර්ස් පෙන්නන්න ගිහින් නාමල් සනාගෙන් පච විය. සනාගෙන් විතරක්ම නෙවේය.., තව බොහෝ දෙනා ඒ ගැන නාමල් මන්ත්‍රීතුමාට සවුත්තු කතා කියා තිබිණි.

නාමල් මන්ත්‍රී තැන කරපු ඒ කමකට නැති වැඩේ මොකක්ද..?

පසුගිය සතියේ තෙල් අර්බුදය ගැන මාධ්‍ය හමුවක් තියන්නට පැමිණි විදුලි සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර ඇමැතිතුමා පැවැත්වූ මාධය හමුවකට නාමල්ද පැමිණ තිබුණේය.

නාමල් එතැනට පැමිණි හේතුව..?

කාගෙත් හිතට නැඟුණු ප්‍රශ්නයත් ඒකමය.

‘තෙල් ප්‍රශ්නය ගැන ඔබතුමා කරන මාධ්‍ය හමුවකට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා පැමිණියේ ඇයි..?’
කියා මාධ්‍යකරුවන්ද කාංචන ඇමැතිතුමාගෙන් ප්‍රශ්න කළේය.

‘තෙල් නැති ප්‍රශ්නයට වඩා දැන් හැමෝටම ප්‍රශ්නය වෙලා තියෙන්නේ නාමල් මන්ත්‍රීතුමා මාත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට ආව එකයි… විපක්‍ෂයේ මන්ත්‍රිවරු එක්කත් මම සාකච්ඡාවට ඇවිදින් තියෙනවා…’
කාංචන මන්ත්‍රීතුමා උපහාසයට වාගේ හිනාවෙලා එහෙම උත්තරයක් මාධ්‍යවේදීන්ට දී තිබිණි. එලෙසම ඔහු එතැනදී නාමල් මන්ත්‍රීතුමා තෙල් ප්‍රශ්නය ගැන ඉතා බුද්ධිමත්ව කතා කළා යැයි කියාද නාමල්ට පොඩි පාරට්ටුවක්ද දෙන්නට අමතක නොකළේය. කොහොමත් නාමල් කාංචන පසෙකින් ඉඳගෙන කතාබහට සේන්දු වුණේ සාන්ත, දාන්ත තීන්ත කූඩුව වාගෙය… කවුරු හෝ ඇවිදින් ගහලා ගියත් කමක් නැතිය කියන තාලෙට කාංචන අබියස බොහොම යටහත් පහත් විදියට නාමල් හරි තැන්පත් ස්වරූපයක් මවා පෙන්වීය.

කොයික කෙසේ වෙතත් නාමල්ට බලශක්ති අර්බුදය ගැන කතා කරන තැනට පැමිණ හොට දැමීමේ හෝ වැඩ පෙන්වීමේ අවැසිතාවක් එතැන තිබුණේ නැත. සනත් වුණත් බය සැක නැතුව තම ‘ට්විටර්’ ගිණුමෙහි අර විදියේ සටහනක් තැබුවේ ඒකය. එකට කාපු, බීපු ඉලෙක්ෂන් කරපු නාමල්ලාට සනාලා වැනි සුපිරි ක්‍රීඩකයන් දැන් එහෙම දත නියවන්නේ නාමල් දේශපාලන පොර පිටියේ දැවී අළුවී ගිය ක්‍රීඩකයකු බව කවුරුත් දන්නා නිසාය. අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ නිල-තල දැරුවද, දේශපාලනයෙහි ගැටුණුද නාමල් රාජපක්‍ෂ ජනතාව වෙනුවෙන් හෝ රට වෙනුවෙන් කරපු දෙයක් නැත. බොහෝ විට ඔහු කළේ ඔය ඊයේ පෙරෙයිදා කළා වාගේ කමකට නැති අහේතුක වැඩය.

නාමල් කළ කමකට නැති දේ අතර ප්‍රධානම විකාරයක් වූයේ නිල් බළකාය කියා සංවිධානයක් බිහිකිරීමය. නිල් බළකාය තුළින් බොහෝ විට සිදුවූයේ, කුමක් හෝ ඡන්දයකදී රාජපක්‍ෂ රෙජිමයට පාර්ලිමේන්තුවට නැවැත නැවැත එන්නට අවශ්‍ය කැම්පේන් මෙහෙවර ෆේස්බුක් හරහා දියත් කරවීමය. විවිධාකාර වූ දහසකුත් එකක් ගිණුම් ඔස්සේ නාමල්ගේ බාප්පා ගෝඨාභයට ‘69 ලක්‍ෂයක’ ඡන්ද තුණ්ඩු එකතු කිරීමේ මහඟු කාර්යයට 2019දී වැඩියෙන්ම උරදී තිබුණේ ඒ ‘ෆේස්බුක්’ ගිණුම් හරහා නාමල්ට වන්දිභට්ටකම් කළ පිරිසය.

පාස්කු බෝම්බයේ හිත කීරිගැහී යන පෝස්ටු සමග රාජපක්‍ෂ ආණ්ඩුව තුළ තම තාත්තා සහ බාප්පා එක්ව දිනූ අවුරුදු 30ක කුරිරු යුද්ධයේ සැමරුම්ද ඒ අතර හැමදාමත් තිබිණි. ඒ පෝස්ට් හදන්නන් වාගෙම ඒවාට කමෙන්ට් කරන්නන් අතරද වැඩිපුරම වූයේ නිල් බළකාය තුළ නාමල් විසින් කිරිපොවා හදා වැඩූ ඊනියා පිරිස්ය. ඔවුන්ව එලෙස හදාවඩන්නට නාමල්ට තම තාත්තාගෙන්, බාප්පාගෙන් හෝ තමාගෙන් එක සතයක් හෝ වැය වුණා නම් එයද පුදුමයකි.

නිල් බළකාය ඇතුළුව තව, තව තරුණ සංවිධාන නාමල්ගේ මූලිකත්වය හරහා රට පුරා ඉදිව තිබුණා කාටත් අමතක නැතුවාට සැක නැත. බොහෝ දෙනා අද රාජපක්‍ෂලාට තවමත් දක්වන ගැතිකම් හමුවේ ඒවා අමතක කරන්නට උත්සාහ ගත්තද රාජපක්‍ෂලාගේ කෙරුවාවේ ශාපයෙන් දුක්පීඩා විඳින්නන්ට නම් ඒවා අමතක නැත.

අමතක නැති නාමල්ගේ ඒ නූල් සූත්තර අතර එකක් වන්නේ.., ඔහු විසින්ම පිහිටුවූ යම් තරුණ සංවිධානයක් හරහා ජනතාවගෙන් එක්කාසු කළ මුදල් සම්භාරයට සිදුවූයේ කුමක් දැයි අදටවත් කිසිවෙකු නොදැන සිටීමය. ඇතැම් විට එයට ද සුනාමි අරමුදලට සිදුවූ සන්තෑසියම වන්නට ඇතිවාට සැක නැත. එක අතකට වරදක් කියන්නටද බැරිය. ‘අප්පා කළ දේ පුත්‍රයා නොකළ හොත් ඒකා අර කාගෙදෝ පුතාය’ යන කියමන සනාථ කරලීමට නාමල් දැක්වූ පසුගාමී බව මේ මුදල් වංචාවේ සංගදියට හේතු වන්නට ඇත.

රාජපක්‍ෂ රෙජීමයේ මුදුන් මල්කඩ බඳු වූ මහින්ද රාජපක්‍ෂගේ නාමය අපකීර්තියෙන් මුදා ගැනීමට නාමල් තරමට වෙහෙසුණු ඔහුගේ ලෙයට ජාතක වූ පුතකු තවත් නැති තරම්ය..,

එයට එක් හොඳම නිදසුනක් වන්නේ… රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ අමානුෂික ලෙස වෙඩි පහරකට ලක්ව මියගිය රතුපස්වල රොෂේන් චානකගේ සිදුවීමය. රොෂේන් වෙඩි පහරින් මාරාන්තික තුවාල ලැබ ජාතික රෝහලේ අධිසත්කාර ඒකකයේ හුස්ම අදිමින් මරන මංචකයෙහි සිටින විට නාමල් රාජපක්‍ෂ ඔහු බලන්නට රහසේම රෑ මැදියමේ පැමිණි කතාවක් ඒ කාලයේ පුවත්පත් හරහා ප්‍රචලිත විය.

ඇයි නාමල් රහසිගතව එහෙම ගියේ..?

නාමල් එහෙම ගියේ රොෂේන් චානකගේ පණ උපද්දා ගැනීමටය. නාමල්ට එහෙම බලයක් තිබුණාද..? බලය තිබුණේ ඒ දවස්වල රාජපක්‍ෂ බංගලාවේ යාවජීව වෛiවරයාණන් වූ ‘ඒලියන්ත වයිට්’ටය. ඒලියන්ත වයිට් කියන නාමය ලංකාව පුරා ජනප්‍රිය කළේද රාජපක්‍ෂලා විසින්මය. සුවිශේෂීව නාමල් එහි පුරෝගාමියා රාජපක්‍ෂලා විසින් ප්‍රචලිත කළ ආකාරයට ඒලියන්ත වයිට් කියන්නේ අදිසි බලයක් සහ දේව හස්තයක අනුහස හිමි වෙදෙකි… ඉන්ද්‍රජාලිකවද ඒලියන්තට ලෙඩ රෝග සුව කරන්නට පුළුවනිය. පණ අදින්නන්ට නැවැත ජීවිතය දෙන්නට හැකියාව ඇත. නිදන්ගත රෝග පවා නිල බලයෙන් සුව කරන්නේය. රාජපක්‍ෂලා ඒලියන්තට සැලකුවේ දෙවියෙකුට වාගෙය.
ඒ දේව සැලකිලි ඒලියන්තට ලැබුණේ රාජපක්‍ෂලාට මොනවා දීලාද කියන්න අප නොදන්නවාට… රාජපක්‍ෂලා ඔහුගේ අනුහස ඇදහූහ. නාමල් ඒලියන්තට රොෂේන් ළඟට එක්ක ගෙන ගියේ එකී වෛi අනුහස හරහා රොෂේන්ට නැවැත ජීවිතය දීමටය. තම පියාට රතුපස්වල ජනතා විරෝධයෙන් ගලවා ගැනීමටය. මහ රෑ යාමේ ජනාධිපති පුතාට එන්නට රෝහල් කාර්ය මණ්ඩලයෙන්ද පර්මිෂන් ලබා ගැනීම කජ්ජක් නොවන නිසා ඒලියන්ත සහ නාමල් ඒ රැයේ පැමිණියහ. මොන තාලේ අනුහස් විහිදුවද රොෂේන් චානකගේ ජීවිතය දෙවියන්ගේ නියමයෙන් මෙහාට ගන්නට ඒලියන්ත නම් දිව්‍යමය වෙදාට බැරි විය. ඒ දවස්වල සමහර මාධ්‍ය හරහා ඒ ගැන මැවූ උපහාස කතාවලට නාමල් තම කීර්තිනාමය කරබදු කළේය.

එවැනි අපූරු විස්මිත කතා නාමල් රාජපක්‍ෂගේ නම අලළා ඕනෑ තරම් ප්‍රචලිත වූයේ ඔහු තාත්තාගේ අඩිපාර මත තාත්තට සමීපව යන තාත්තට වඩාත්ම සමීප පුතා නිසාය. ඒ වගේම නාමල් වරින්වර දැරූ තනතුරු හරහාද ඔහුගේ නාමය සමාජගත වූයේ වැඩිපුරම නරකටය. යෞවන කටයුතු ඇමැති ලෙස වාගෙම ක්‍රීඩා ඇමැති ලෙසද නාමල් අමාත්‍ය ධුර හෙබවූයේ තම නාමය මත කළුපැහැය තවරා ගනිමින්, වංචනික මුදල් ගනුදෙනුවලට හසුවෙමින්ය.

විදේශීය රාජ්‍ය නායකයන්ගේ ඇසුරට තමා ලොල් බව කියන නාමල් තම මිතුරු ලැයිස්තුව තුළ ඉන්දියාවේ රාහුල් ගාන්ධිට සුවිශේෂී තැනක් හිමිකර දී ඇත. මෑතදී ඉන්දියානු මාධ්‍යවේදියකු සමග ඇති වූ කතාබහකදී නාමල් පවසා තිබුණේ,

‘අරගලය තුළ තරුණයන් කෝපයට පත්ව ඇත්තේ මන්දැයි තමා දන්නා බවත් ඔවුනට විරෝධතා දැක්වීමේ අයිතියට තමන් සහාය දෙන්නට මැළි නොවන බවත්ය…’

නමුත් ඊට සතියකට පමණ පසු ඔහු පාර්ලිමේන්තුවේදී මහ හඬින් කතානායකතුමාට කීවේ..,
‘අරගලයට මැදිව උසීගැන්වීම්වලට ලක්ව සිටින අහිංසක තරුණයන්ව පුනරුත්ථාපනය කර සමාජයට මුදාහරින ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා’ කියාය.

අරගලයට බයේ සැඟව නිහඬව සිටි රාජපක්‍ෂ පවුලේ වැඩිමල් පුතා ලෙස නාමල් නැවැත කරළියට වඩින්නට ගෙන ඇත.

තෙල් අර්බුදයේදී ඔහු කාංචන සමග හරිහරියට අසුන්ගෙන සිටියේ ජනතාව සමග තවමත් සිටින බව අඟවන්නට දැයි අප නොදන්නෙමු.

‘සනා’ කිව්වා වාගෙම නාමල් දැන් දැවී යෑමට නිතර හසුව අදක්‍ෂ යැයි කියා හංවඩු ගැසුණු නිසා කණ්ඩායමෙන් අහක් කළ ක්‍රීඩකයෙකි… රාජපක්‍ෂලා සමග ජයපැන් තොල ගෑ ‘සනා’ලා නාමල් ගැන එහෙම කියන කොට… අන් අය ඒ ගැන මොනවා කියනු ඇතිද..?

අපිද මෙහෙම කියමු..,

‘නාමල්… ඔය හොඳටම ඇති නේද..?’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.