කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ජලයෙන් යටවීම හේතුවෙන් පීඩාවට පත් ජනතවාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) ප්‍රදේශ ගණනාවක සංචාරයක නිරත විය.Sri Lanka Latest News
ජලගැලීම් නිසා පීඩාවට පත් ජනතාව රැඳවා සිටින ඵෙතිහාසික සංඛපිටිඨ විහාරස්ථානයට ගොස් එහි සිටි ජනතාවගේ සුවදුක් සහ අඩුපාඩු සොයා බැලීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
එහිදී එම ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.















