රජයේ ඉහළ තනතුරු දරන පුද්ගලයන්ගේ විදෙස් සංචාර හා අත්‍යාවශ්‍ය නොවන වියදම් ඉහළ ගොස් ඇති අවස්ථාවක රටේ වියදම් ඉලක්ක සාක්ෂාත් කර ගත නොහැකි බවත් එවත් තත්ත්වයක් තිබිය දී කිසිදු අදාළත්වයක් නැති මන්ත්‍රිවරු විදේශ සංචාර සදහා ගෙන යාම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (3) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
ජනාධිපතිවරයා සහ අදාළ විෂය සම්බන්ධයෙන් විශේෂඥයන් එම විදේශ සංචාරවලට යාම ගැටලුවක් නොවූවත් කිසිදු විශේෂඥභාවයක් නොමැති පොහොර ගනුදෙනු හරහා විශාල මුදලක් රටට අහිමි කළ මෙන්ම ඇමති පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ඔවුන් සතුටු කිරීම සදහා මෙම සංචාර ගෙන ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වතුකරය විනාශ වී ඇති මොහොතක දේශපාලන අල්ලසක් ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරයකු පවා එක්ක ගොස් ඇති බවත් ව්‍යාපාරික පන්තිය ටිකට් පත් සදහා විශාල මුදලක් වැය කරමින් බංකොලොත් රටක කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.










