සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
‘‘වගකීමක් වගවීමක් දැරීමට නොහැකි රජයක් රට පාලනය කිරීම හේතුවෙන් සමාජය තුළ විශාල කැළඹිමක් ඇති වී තිබෙනවා. ජනාධිවරයා , අගමැතිවරයා , ඇමැතිවරු සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගකීම සහ වගවීම පැහැර හැර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කරමින් , විවිධ පුද්ගලයන් හරහා අපහාස කරමින් , රට වෙනුවෙන් විශාල සේවාවක් සිදුකරන රාජ්‍ය සේවකයන් බිය කරමින් සිටිනවා මිසක ආපදාවෙන් විපතට පත් ජනතාව මුදවා ගැනීමට කිසිඳු දෙයක් සිදුකර නැහැ.
ඒ වගේම ආණ්ඩුවක් ලෙස ආපදා තත්ත්වයකට මුහුණ දුන් ජනතාවට වන්දි ලබාදීම , ආපදාට ලක්වුණ පිරිස් බේරා ගැනීම , ආපදාවට ලක්වුණ මාර්ග පිළිසකර කිරීම ආණ්ඩුවක් විසින් කළ යුතුයි. මීට පෙරට පැවැති ආණ්ඩුත් මෙම කටයුතු ඉතාම සාර්ථකව සිදුකළා. නමුත් මෙම කටයුතු පළමු වතාවට සිදුකරන්නේ වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනතාවට දනවන්න ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටිනවා. ඒ වගේම ආපදා තත්ත්වයෙන් රට නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට කිසිදු අයෙකුගෙන් උදව් අවශ්‍ය නැති බවත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබුණා. මෙතරම් උද්දච්ඡ ආකාරයට හැසිරෙමින් ආණ්ඩුව ජනතාවට සේවය කරන්නේ කොහොමද?
කෙසේ නමුත් ආපදා තත්ත්වයට ගැලපෙන පරිසි සුදුසු අයවැය ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ වගකිම නිසියාකාරව ඉටු කරමින් නොවැම්බර් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වගේම පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. නමුත් පරිපුරක ඇස්තමේන්තුවක් අවශ්‍ය නැති බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ජනාධිපතිවරයා පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරලා දෙන ලෙස ඉල්ලනවා. නමුත් ආණ්ඩුව රට වෙනුවෙන් ගන්නා ඕනෑම තිරණයකට සමගි ජනබලවේගය විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම වගකීමක් තිබෙන ආණ්ඩුවක් සිදුකළ යුත්තේ විපක්ෂය විවේඡනය කිරීම නෙවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියපු දේවල් සමච්චලයට ලක්කරමින් කටයුතු කළාට අවසානයේදී ආණ්ඩුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියපු දේවල් සිදුකරන්න වෙලා තිබෙනවා. ඒ වගේම ආපදාවක් තුළ අනුමත කළ නොහැකි මඩ දේශපාලනයක් සිදුකරමින් , ආණ්ඩුවට උදව්ව කිරීමට පැමිණෙන පිරිසටත් විවේඡන එල්ල කරමින් සිදුකරන ක්‍රියාව නතර කළ යුතුයි.
ඒ වගේම ඇතිවුණ ආපදා තත්ත්වයක් තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒවා පිළිගත්තේ නැහැ. ඒ වගේමම 2005 ආපදා පනතේ ආපදාවකට මුහුණ දීමට අවශ්‍යවන සියලුම ප්‍රතිපාදන තිබෙනවා. ආණ්ඩුව එම ප්‍රතිපාදන කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ. විශාල විනාශයක් සිදුවී , විශාල පිරිසක් මිය යනතුරු නිහඩ පිළිවෙතක් දරපු ආණ්ඩුව අද වෙද්දි සුදනෝ වෙන්න උත්සහ කරනවා. විපක්ෂයේ මිනිස්සුන්ට ඇඟිල්ල දිගු නොකර කොන්ද පන තිබෙන නායකයෙක් ලෙස මෙම ව්‍යසනයේ වගකීම භාර ගන්න ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.
ඒ වගේම රටක ආපදාවක් වුණාට පසුව ප්‍රථමයෙන්ම කැඳවන්නේ ආරක්ෂක කවුන්සිලය. ඒ වගේම ආපදා කවුන්සිලය කැඳවිය යුතුයි. මේ කටයුතු දෙකම වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව සිදුකළේ නැහැ. ඒ වගේම ආපදා සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් නැහැ. ආපදා විෂය අයත් වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට , ආරක්ෂක අමාත්‍යාංශය භාර වෙන්නේ ජනාධිපති අනුර දිසානායක මහතාට. ඒ වගේම ආපදාව ගැන රටට හෙළි කිරීමේ වරදට විපක්ෂයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුවේ ඇමැතිවරු ප්‍රකාශ කරනවා. නමුත් වගකීම් වලින් පැන ගොස් තිබෙන් විපක්ෂය නෙවෙයි ආණ්ඩු පක්ෂයයි. ඒ වගේම ආපදාවට පත් දිස්ත්‍රික්කවලට ගොස් ඒ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු ගැන සොයාබලන්නැයි ජාතික ජනබලවේග ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මහජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට ආණ්ඩුව මේ මොහොතේ විසඳුම් ලබාදෙන්න කටයුතු කළ යුතුයි.
ඒ වගේම රටට සිදුවුණ ආපදාවෙන් දේශපාලන වාසි ගන්න විපක්ෂය උත්සහ කරන බල ආණ්ඩුවේ මැති ඇමැතිවරු විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් රටට ආපදාවක් සිදුවූ අවස්ථාවේදී විපක්ෂය සිදුකරන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමයි. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින කාලයේදී රටට ව්‍යසනයක් සිදුවුණාම හැසිරුණ ආකාරයට සමගි ජනබලවේගය හෝ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හැසිරෙන්නේ නැහැ. කෙසේ නමුත් වෛරී දේශපාලනය නතර කර සිදුවුණ වැරද්ද පිළිගන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුවේ වගකීම් විරහිතභාවයට විරුද්ධව මහජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරියේදී පියවරක් ගනු ලබනවා. ඒ වගේම ආණ්ඩුව වගකිම් පැහැර හැරලා අන් අයට වරද පටවන්න දැඩි උත්සායක නිරත වෙනවා.
ඒ වගේම රාජ්‍ය සම්පත් භාවිතා කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාවට සැලකීම පිළිබඳව ආණ්ඩුවට ගෞරව කරනවා. බදු මුදල් හරහා එකතුවුණ මුදල්වලින් පීඩාවට පත් ජනතාවට සේවය කිරීම ආණ්ඩුවක වගකීමක්. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලින් යම් ප්‍රමාණයක් මහජනතාවට උදව් කරන්න පුලුවන්නම් වෙන් කරන්න. කෙසේ නමුත් සමගි ජනබලවේගයට හැකි පමණින් විපතට පත් ජනතාවට උදව් උපකාර කරන්න කටයුතු කර තිබෙනවා.
ඒ වගේම ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වුණ ව්‍යාපාරික ස්ථාන නගා සිටුවීමටත් ආණ්ඩුව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. සමගි ජනබලවේගය ආණ්ඩුවට මෙවැනි බලපෑම් එල්ල කරන්නේ කුහකකමකින් නෙවෙයි. ඒ වගේම ආණ්ඩුව රාජ්‍ය සම්පත් භාවිතා කරමින් ජනතාවට උදව් උපකාර කළා. එය අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. කෙසේ නමුත් ඒ අතර තුර විපක්ෂයේ කටයුතු විවේඡනය කරන්නත් ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙනවා. දැන්වත් මෙම ව්‍යසනයේ වගකිම භාරගෙන විපක්ෂයත් එකතු කරගෙන පීඩාවට පත් ජනතාව එයින් මුදවා ගන්න වැඩපිළිවෙළක් ආණ්ඩුව සකස් කළ යුතුයි.
ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ කට වහන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව රජයේ ඉහළ නිලධාරින්ට කරන්න පුලුවන් සියලුම අඩත්තේට්ටම් සිදුකරනවා. කෙසේ නමුත් කොන්ද පණ ඇතිව රාජ්‍ය සේවකයන්ට මේ මොහොතේ කටයුතු කරන්නැයි රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. සමගි ජනබලවේග රජයක් යටතේ එම නිලධාරීන් ආරක්ෂා කර ගන්න කටයුතු කරනු ලබනවා. පසුගිය ආණ්ඩු ආපදාවකදී සිදුකළේ රටේ ජනතාව රැක ගැනීමට කටයුතු කිරීමයි. නමුත් වර්තමාන ආණ්ඩුව සිදුකරන්නේ පම්පෝරි ගැසීම පමණයි.
ඒ වගේම ආපදාවෙන් පීඩාවට පත් ජනතාව දුක කියන්නේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට. ආණ්ඩුවේ මැති ඇමැතිවරු ආපදාවට ලක්වුණ ජනතාවගේ දුක සැප සොයා බලන්න ගිහින් නැහැ. ඔවුන් සිටින්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව බේරගන්න. දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවට පමණක් ආණ්ඩුවේ මැති ඇමැතිවරු සහභාගි වෙනවා. ජනතාව විදින දුක ගැන සොයා බලන්න කිසිම ඇමැතිවරයෙක් නැහැ. එ් වගේම දේශපාලනික වශයෙන් සමගි ජනබලවේගයට ඉතා අසීරු තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. විශේෂයෙන් ආණ්ඩුව දිගින් දිගටම විපක්ෂය විවේඡනය කරමින් , මඩ ගැසීම හැර සත්භාවයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නේ නැහැ. කෙසේ නමුත් ආපදා තත්ත්වයකදී ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කණගාටු වෙනවා. කෙසේ නමුත් මෙවැනි වැඩ බැරි මිනිස්සු පිරිසකට ආණ්ඩු බලය දෙන්න මාර්ගය සැකසුනේ අපේ කඳවුරේ තිබුණ බෙදිම් නිසයි.
ඒ වගේම රටට ආපදාවක් වුණ විගස ජාත්‍යන්තරයේ සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියා. ඒ වගේම තානාපතිවරු හමුවී ආණ්ඩුවේ වැරදි කියන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ නැහැ. රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට සහාය ආණ්ඩුවට ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා. විපක්ෂයේ භුමිකාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය නිසි ලෙස ඉටු කරනු ලබනවා. කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ දේවල්වලට ආණ්ඩුව උසුළු විසුලු කළා. නමුත් දැන් ඔහු කියලු දේවල් ක්‍රියාත්මක කරන්න අවසානයේ ආණ්ඩුවට සිදුවී තිබෙනවා.
ඒ වගේම ආපදා තත්ත්වයෙන් රට යළි ගොඩනැගීමට යම් කිසි කාලයක් ගතවෙනවා. නමුත් ආණ්ඩුව ප්‍රමුඛතාවයක් ගෙන සිදුකළ යුතු දේවල් සිදුකරන්නේ නැහැ. ඒ බව ප්‍රකාශ කළාම විපක්ෂය විවේඡනය කරමින් මඩ දේශපාලනය දියත් කරනවා. මෙම ව්‍යසනයෙන් රට යථා තත්ත්වයට පත් කර ගන්න විපක්ෂය උදව් කළ බව රටට කියන්න ආණ්ඩුව අකමැතියි. ආණ්ඩුව අවශ්‍ය වන්නේ තනියම ලකුණු දා ගන්නා. ඒ වගේම ආපදාවට ලක්වුණ ප්‍රදේශ හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන ලෙස විපක්ෂය ප්‍රකාශ කළේ නැහැ. ඒ සඳහා යම් කිසි කාලයක් ගතවෙනවා. නමුත් ආපදා තත්ත්වයෙන් හානි වුණ ආර්ථික මර්මස්ථාන හැකි ඉක්මනින් යථාවත් කළ යුතුයි. ඉන්පසුව ජනජිවිත යළි නගා සිටුවන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. විපක්ෂය මෙවැනි තෙරපුමක් ආණ්ඩුවට ලබාදෙන්නේ ආණ්ඩුව සමඟ තිබෙන තරහකට නෙවෙයි. ආණ්ඩුව ගමන් කරන මාර්ගය අනුව සමස්ථ රටම අගාධයකට වැටෙනවා. ඒ නිසයි මේ බව දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ප්‍රකාශ කළා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමඟ වැඩ කටයුතු කරන්න බැහැ කියලා. ආණ්ඩුවේ රාජ්‍ය සේවකයන් විශ්වාස නොකර ඒ රාජ්‍ය සේවකයන්ට චෝදනා කරමින් රටක් පාලනය කරන්න බැහැ.‘‘










