එක්සත් ජාතික පක්ෂ දෙනියාය ආසන බලමණ්ඩල රැස්වීම “2048” ජයගමු තේමාව යටතේ ඊයේ (09) දින මොරවක නයාමුල්ල රිවර් බ්‍රීස් හොටෙල් උත්සව ශාලාවේදී විශාල ජනතා සහභාගීත්වයකින් අති සාර්ථකව පැවැත්වුනි.Sri Lanka Latest News
කොටපොල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිනී චමරි ඩිලානි ගමගේ මහත්මිය,ඉන්දික ජයරත්න මහත්මා සමඟ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමන්ලා, මන්ත්‍රී තුමියන් සහ අපේක්ෂක අපේක්ෂිකාවන් විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා වැලිගම ආසන සංවිධායක ගයාන් සංජීව මහතා,දෙවිනුවර ආසන සංවිධායක ජගත් නල්ලපෙරුම මහතා,ආචාර්ය ඉන්දි අරුක්ගොඩ මහත්මිය, කොටපොල,පිටබැද්දර,පස්ගොඩ ප්‍රාදේශීය සභාවන්හි මන්ත්‍රී තුමන්ලා සහ මන්ත්‍රී තුමියන් සහභාගී විය.













