රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ බ්ලඩ් ටෙස්ට් කිට් වහාම අවශ්‍යව ඇතැයි එම රෝහල පවසයි.
ඒ සඳහා පරිත්‍යාගශීලීන් හෝ ආයතනයන් ඇත්නම් හැකි ඉක්මනින් ඉදිරිපත්වන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති විශේෂ ඉල්ලීමක් කරයි.
හෘද සැත්කම් සිදුකළ දරුවන්ට දැඩිසත්කාර ඒකකයේදී කෘතීම ස්වසන යන්ත්‍රයට සවිකරන අතර එහිදී දරුවාගේ රුධිරයේ සංයුතිය නිසි පරිදි පවතින්නේද යන්න පිලිබඳව විටින් විට පරික්ෂා කර බලා කෘතීම ස්වසන යන්ත්‍රය දරුවාට හිතකර වන ලෙස වෙනස් කළ යූතුව ඇති බවත් රුධිරයේ සංඝටක සංයුතිය බැලීම සඳහා අවශ්‍ය (ප්‍රතික්‍රීයකවල) බ්ලඩ් ටෙස්ට් කිට් උග්‍ර හිඟයක් පවතින බවත් නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසුවේය.
මෙම දැඩිසත්කාර ඒකකයේ ඇඳන් 15ක් පවතින අතර, එය නිරන්තරයෙන්ම රෝගී දරුවන්ගෙන් පිරී පවතින බවත් මෙම ටෙස්ට් කිට් කට්ටයකින් දරුවන් 15 දෙනකුට දින දෙක තුනක් පමණ ප්‍රතිකාර කළ හැකි බවත් වෛද්‍ය සේනාපති පැවසුවේය.
lankasara