සමෘද්ධි ව්‍යාපාරය එකවරම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම එකඟ නැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. Sri Lanka Latest News
සමෘද්ධි ව්‍යාපාරය දුප්පත් අහිංසක මිනිසුන්ගේ ව්‍යාපාරයක් බවත් දුප්පත් ජනතාව දුප්පත් කමෙන් එතෙර කරන වැඩපිළිවෙළක් එහි ඇති බවත් හෙතෙම පවසයි.
ජනතාවට ලබාදුන් පොරොන්දුවලට එහා ගිය කටයුතුවලට පාර්ලිමේන්තුවේ දී අත එසවීමට නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.
එවන් කටයුතු සඳහා පාර්ලිමේන්තුවේදී සහයෝගය ලබාදිය නොහැකි බවත් හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ මහජන හමුවක් අමතමිනි.










