• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිසියේ දාපු හදිසි නීතිය හරියටම කියවන්න…

May 23, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
හදිසියේ දාපු හදිසි නීතිය හරියටම කියවන්න…
Share on WhatsAppShare on Facebook

මේ සුවිශේෂී දිනය මට හරියටම මතක නැත. එහෙත් මේ කාලවකවානුව නම් මට හොඳින්ම මතකය. ඒ මෙයට හරියටම වසර 25කට පෙර එනම් 1996 පමණ කාලවකවානුවකදීය. එය මෙකල බලයේ සිටි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රාජ්‍ය පාලන සමය විය. තවද මෙම සමය රට තුළ ජනවාර්ගික අරගල ඉතාමත්ම උත්සන්න වූ සමයක්ද විය. එසේම එකල නිරන්තරයෙන්ම ඊළාම් කොටි ත්‍රස්ත තර්ජන රැසක්ද ඇතිවී තිබිණි. එකල මා සේවය කරමින් සිටියේ ‘දිවයින’ පුවත්පතේය. එදින වේලාව දහවල් 01-02ත් අතර කාලවේලාවක් විය. මෙම සිද්ධිය සිදුවන විටදී අප බොහෝ දෙනෙකු දහවල් ආහාරය සඳහා ආපනශාලාව වෙත පැමිණ සිටියේය. ආපනශාලාවේ එක් පැත්තකට වන්නට තිබුණේ සිගරැට්, ටොෆී ආදිය විකිණීම සඳහා වූ කුඩා කාමරයකි. එතැන නිරන්තරයෙන්ම රේඩියෝවක් මහත් ශබ්ද නඟමින් අසන්නට ක්‍රියාත්මක කර තිබිණි. දිවා ආහාරයෙන් පසු සිගරැට්ටු කිහිපයක් මිලදී ගත් මම ඇතුළු පත්තරකාරයන් කිහිප දෙනෙකුම එහි විය. සිගරැට් කඩේ රේඩියෝවෙන් ගීතයක් වාදනය වෙමින් තිබිණි. එය මහත් ශබ්දයකින් ඇසෙන්නටවූ අතර, මෙම විකාශනය සිදුවෙමින් තිබුණේ එකල ඉතාමත්ම ප්‍රකටව තිබුණු පෞද්ගලික ‘එෆ්.එම්.’ ගුවන්විදුලි සේවයක් හරහාය. සැණෙකින් වාදනය වෙමින් තිබුණු සිංහල ගීතය නැවැතිණි.

‘මෙන්න අති විශේෂ නිවේදනයක්. රට තුළ උද්ගතවනී ඇති අර්බුදකාරී තත්ත්වය අවධානයට ගනිමින් රජය මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. මෙය පනවනු ලබන වේලාවන් තවත් ස්වල්ප වේලාවකින් ස්ථිරව නිවේදනය කිරීමට නියමිතයි.’

සිගරැට්ටු කටේ ගසාගත් පත්තරකාරයන් වන අපි සිගරැට්ටු අතට ගෙන මුහුණට, මුහුණ බලාගත්තේය. අපද සේවය කරන්නේ මාධ්‍යවේදීන් ලෙස මාධ්‍ය ආයතනයකය. එහෙත් මේ පුවත ඇසෙන තෙක්ම අප ආයතනය තුළට එවැනි පුවතක් වාර්තා වී නොතිබිණි.

එකල ඉහත ප්‍රකට ‘එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව බොහෝ අනෙක් මාධ්‍ය අභිභවමින් සැණෙන් පුවත් විකාශනයට පුරුදු වී තිබිණි. එසේම එය එකල ජනප්‍රියතම එෆ්.එම්, සේවයද විය. ඒ නිසාදෝ අප සහෝදර මාධ්‍යවේදීන් යම් කුකුසකින් සහ ලැජ්ජාවකින්ද පසුවන්නට විය. පුවත විකාශනය වීමෙන් පසුව අපද මහත් කලබලයට පත්වන්නටද වීමු. එසේම සැණෙකින් ආරංචි වූයේ මෙම පුවත ඇසූ බාහිර සමාජයේ ජනතාවද කඩි ගුලක් මෙන් ඇවිස්සුණු බැව්ය. කෙසේ හෝ මෙම කතාවේ අනෙක් පිටුව පෙරළෙන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. එනම් හරියටම මිනිත්තු 10-15ත් අතර කාලයකදී නැවැත එෆ්.එම්. සේවය හඬනඟන්නට විය.

‘මෙන්න අතිවිශේෂ නිවේදනයක්. රජය පනවා ඇත්තේ ඇඳිරිනීතිය නොව හදිසි නීතියයි. මෙම පුවත අත්වැරැද්දකින් සාවi ලෙස ප්‍රකාශ කිරීම ගැන අප ජනතාවගෙන් බලවත් ලෙස සමාව අයදිනවා. ඒ පිළිබඳවද අපගේ බලවත් කනගාටුවද ප්‍රකාශ කර සිටිනවා.’

‘අන්තෝ ජටා බහි ජටා’ යැයි කියන්නේ මෙවන් පුවත්වලටය. මාධ්‍යයටද වැරැදීම් සිදුවෙයි. කෙසේ හෝ ඒ වන විට අප ‘දිවයින’ පුවත්පත් ආයතනයටද හදිසි නීති පුවත රාජ්‍ය අංශවලින් වාර්තා වී තිබිණි. මෙම අපූරු සිදුවීමේ ඉතිරි කතාව ඉතා දීර්ඝ එකකි. එය ලියන්නට ඉඩක් නැත. කෙසේ හෝ මෙම පුවත වාර්තා කළ එකල එම ප්‍රකට එෆ්.එම්. සේවයේ සේවය කළ හිතවත් මාධ්‍යවේදියෙකුට එරෙහිව පසුව නඩු අසා දඬුවම්ද නියම කෙරිණි.

හදිසි නීතිය ගැන ඉතිහාසයට එක්වුණු එම බැරෑරුම් මෙන්ම, රසවත් කතාව ගැන ඔබට මාගේ අත්දැකීම් ආශ්‍රයෙන්ම ලියා තැබුවේ හුදෙක්ම බුද්ධිමත්ව කියැවීම උදෙසාය. හදිසි නීතිය ගැන අද අප සිටින්නේ කොතැනකද? එය සැබැවින්ම දැන් අපේ රටට සුවිශේෂී විෂයක්වී හමාරය. අද අපේ රටේ ජනතාව සහ නොයෙකුත් විවිධ පාර්ශ්ව මේ ගැන බොහෝ අවධානයෙන් කතා කරති. එයට හේතුවී ඇත්තේ දැන් මේ මොහොතේදි අප මේ රට තුළ ජීවත් වන්නේ හදිසි නීතිය කරපින්නාගෙන හෙයිනි. එනම් මේ වන විට ශ්‍රී ලංකාව හදිසි නීතිය ස්ථාපිත කර ඇති රටකි. දැනට මාස කිහිපයක සිට මෙරට තුළ ඇතිවී තිබෙන දැඩි, උච්ච අර්බුදකාරී තත්ත්වය මත මෙලෙස වත්මන් රජය හදිසි නීතිය ස්ථාපිත කර ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකාව තුළ මෙය පැනවීමට කටයුතු යෙදුණු නීතිමය ක්‍රමවේදය කුමක්ද?

හදිසි නීතිය පනවනු ලබන්නේ ජනාධිපතිවරයා සතු විධායක බලතල හරහාය. මේ අනුව මෑත සමීප කාලය ගත්විට පසුගිය 2022 අප්‍රේල් 01 වැනිදා මෙසේ හදිසි නීතිය මෙරට තුළ පනවනු ලැබුවේය. මේ අනුව ජනාධිපතිවරයා විසින් 1959 අංක 08 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 06 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරි‘ය වූ) මහජන ආරක්‍ෂක ආඥා පනතේ 02 වැනි වගන්තියෙන් තම (ජනාධිපතිවරයාගේ) බලතල ප්‍රකාරව 2022 අප්‍රේල් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරිණි. එනම් මෙය හදිසි නීතිය ස්ථාපිත කිරීමට ඇති නීතිමය සහ ව්‍යවස්ථාමය ක්‍රමවේදයයි. දැනට මාස කිහිපයක සිට මෙරට තුළ ඇතිවී තිබෙන දැඩි ආර්ථික පීඩනය සහ මූල්‍යමය අර්බුදය හේතුවෙන් ජනතාව කිසිදු කාලයකදී මුහුණපාන්නට සිදුනොවූ මහා ඛේදනීය තත්ත්වයකට පත්ව සිටිති. මේ නිසා ඔවුහු දැඩි ආහාර හිඟයකට සහ අධික උද්ධමනයකටද මුහුණ දී සිටිති. මෙම තත්ත්වය දරාගත නොහැකි ජනතාව දැනට රට තුළ ප්‍රබල උද්ඝෝෂණ සහ අරගල සිදුකරමින් සිටිති.

මෙවැනි වටපිටාවක් යටතේදී රජය ප්‍රකාශ කර සිටින්නේ, මහජන ආරක්‍ෂාව සහ මහජන සාමය ආරක්‍ෂා කිරීම සඳහා මෙසේ හදිසි නීතිය පැනවීම සිදුකළ බවයි. එසේම ජන ප්‍රජාවගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සැපැයුම් සහ සේවා නඩත්තු කිරීම උදෙසාද මෙම නීතිය ස්ථාපිත කළ බවයි. රජය එසේ ප්‍රකාශ කළද සමහර පාර්ශ්ව විසින් මෙම ක්‍රමවේදය දැඩි ලෙස හෙළාදකිමින් අදහස් ප්‍රකාශ කර ඇත. එහිදී නීති පාර්ශ්ව මෙන්ම රාජ්‍ය විරෝධී පාර්ශ්ව කිහිපයක්ද පෙරමුණ ගෙන තිබිණි. කෙසේ හෝ මුලින් අප්‍රේල් මාසයේදී පනවනු ලැබූ හදිසි නීතිය පසුව කෙටි කාලයකින් ඉවත් කිරීමෙන් අනතුරුව නැවැත පසුගිය 2022 මැයි මස 06 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට පනවනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නීති පාර්ශ්වය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිල ප්‍රකාශයක් සිදුකරන ලදී. එයින් ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ රජය සහ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ගැන බලවත් විරෝධයක් සහ දැඩි කනස්සල්ලකි. එම සංගමය ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් ඉදිරිපත් කරමින් මෙසේ කියා සිටියේය.

‘මෙම අවස්ථාවේ ඇතිවී තිබෙන මහජන විරෝධතා සහ වැඩවර්ජන රැල්ල ඇතුළුව රට මුහුණ දී සිටින වත්මන් තත්ත්වයට හදිසි නීතිය ප්‍රකාශ කිරීම පිළිතුරක් නොවන බව නීතිඥ සංගමයේ අදහසයි. සාමකාමී විරෝධතා සහ විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ අත්තනෝමතික ලෙස පුද්ගල අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බැව් අපි නැවැත, නැවැතත් අවධාරණය කරමු. විරෝධතාද, ප්‍රචණ්ඩ නොවිය යුතු අතර, සෑම විටම සාමකාමීව පැවැතිය යුතුය. රටත්, ජනතාවත් මුහුණ දී සිටින බරපතළ අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගන්නා ලෙස අපි ආණ්ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමු. තමන් මෙලෙස හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමට හේතුව කුමක්ද යන්න වහා ජනතාවට පැහැදිලි කරන ලෙස නීතිඥ සංගමය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. හදිසි නීතිය ප්‍රකාශ කිරීමේ ප්‍රකාශය අවලංගු කරන ලෙසත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහතික කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.’

මෙලෙස ශ්‍රී ලාංකික පාර්ශ්වවලට අමතරව හදිසි නීතිය පැනවීම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ප්‍රකට ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්මද නිල ප්‍රකාශයන් නිකුත් කර තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරේපා කොමිසම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක්ම මෙම ප්‍රකාශ කර සිදුකර තිබිණි. මේ අතර පසුගියදා මෙම හදිසි නීතිය තත්ත්වය යටතේ, මෙරට තුළ ප්‍රචණ්ඩකාරී ලෙස කැරැලි, කෝලාහල සිදුකරන පුද්ගලයන් හට වහා වෙඩි තබන ලෙසටද නියෝග නිකුත් කෙරී තිබිණි. ඒ හෙයින් මෙම තත්ත්වය එක්තරා ආකාරයකින් බියකරු ස්වරූපයකින්ද පෙනෙන්නට විය. කෙසේ හෝ හදිසි නීතිය පැනවූ විට රටේ බලපවත්වනු ලබන සිවිල් නීති සියල්ලම හා අනෙකුත් මූලික අයිතීන් සියල්ලද අභිබවා යමින් හදිසි නීතියට බලය හිමිවෙයි. එසේම හදිසි නීතිය පැනවූ විටදී සියලු රටවැසියන්ම එයට වහා යටත්විය යුතුය. හදිසි නීතියට අනුව මහජන ආරක්‍ෂක පනතේ 12 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විධානය මත සන්නද්ධ හමුදා කැඳවීමේ බලයද ඔහු සතුවෙයි. තත්ත්වය කෙසේ වුවද ජනාධිපතිවරයාට තම විධායක බලතල යටතේ උපරිම මාසයක කාලයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි නමුත්, එය දීර්ඝ කිරීම සඳහා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. කෙසේ හෝ දැන් ඔබට ශ්‍රී ලංකාව තුළ මේ වන විට පනවා ඇති හදිසි නීතිය ගැන පැහැදිලි අවබෝධයක් ඇතැයි සිතමි. කෙලෙස ශ්‍රී ලංකාව තුළ කලින්, කලට පනවනු ලැබූ හදිසි නීතියේ ඉතිහාසමය කතාව කුමක්ද..?

ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වන මෙම වගතුග එක්තරා ආකාරයක අපූරු කතාන්දරයකි. ආදි යටත්විජිත, එනම් බි්‍රතාන්‍ය ඉංග්‍රීසි පාලකයන්ගේ සමයේදී සිටම රට තුළ ඇතිවූ යම් අර්බුදකාරී තත්ත්වයන් යටතේ හදිසි නීති ප්‍රකාශයන් සිදුකළ බැව් වාර්තා වෙයි. එම පාලනය යටතේ 1817 සිට 1948 නිදහස ලබන තෙක් කාල සීමාව දක්වාම ඇතිවුණු විවිධ යුද්ධමය තත්ත්වයන්, අරගල, කලකෝලාහල පාලනය සඳහා ඉංග්‍රීසි පාලකයන් විවිධ අවස්ථාවලදී හදිසි නීති තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ හෝ එය සම්පූර්ණයෙන්ම එවකට මහා බි්‍රතාන්‍යයේ රාජකීය පාලනයට අනුව සිදුකරන ලද්දකි. ඉන්පසුව ආදි ලංකාව ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව මෙම හදිසි නීති තත්ත්වය වෙනස් ආකාරයකින් එළිබසින්නට විය. කෙසේ හෝ එකල නිදහසින් පසුවද ලාංකිකයන්ගේ පාර්ලිමේන්තුව තුළටද මෙම හදිසි නීති-රීති ඇතුළත් වන්නට විය. ‘හදිසි නීතිය’ ඉංග්‍රීසි බසින් ‘State of Emergency’ ලෙසින් හඳුන්වන්නට විය. අපගේ දේශපාලනික ඉතිහාසයේ කරුණු දැක්වෙන පරිදි, එකල ලාංකික රජය තුළ මෙම නීතිය ස්ථාපිත කරන්නට කටයුතු කර ඇත්තේ, 1956 වසර තුළදීය. එනම් එකල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් සිංහල ‘රාජ්‍ය භාෂාව කිරීමේ පනත’ නොහොත් 1956 පනත් අංක : 33’ හරහා මෙරට තුළ මහ අර්බුදයක් හටගත්තේය. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ‘Official Language Act No. 0f 1958’ ලෙසින් සඳහන් වූ අතර, එය කෙටි ඉංග්‍රීසි වදනින් හඳුන්වනු ලැබුවේ ‘Sinhala Only Act’ (සිංහල පමණයි පනත) ලෙසිනි. එකල ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් මෙම පනත මගින් ප්‍රකාශ කෙරුණේ, ඉදිරියේදී ලංකාව තුළ භාවිත කෙරෙන්නේ සිංහල භාෂාව පමණක් බැව්ය. එනම් රාජ්‍ය නිල භාෂාව එය ලෙසය.

එනම් මෙම පනත හරහා කියැවුණේ, එතෙක් ලංකාවේ භාවිත කළ ප්‍රධාන භාෂාව වූ ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිත කරන බවයි. එසේම දමිළ භාෂාව භාවිත කිරීම බැහැර කරන බවත් ප්‍රකාශයට පත්විය. පනත සම්මත වී දින ගණනක් ගෙවී ගියේය. සමාජයෙහි ගිනි ඇවිළෙන්නට පටන්ගත්තේ ඉන්පසුවය. එකල ‘ලංකාව’ නොහොත් ‘සිලෝන්’ මහ අර්බුදයක පැටලෙන්නට ගත්තේය. මෙම පනතට එරෙහිව විවිධ පාර්ශ්වවලින් උද්ඝෝෂණ නැඟෙන්නට විය. දමිළ ජනතා පාර්ශ්ව මෙම තීරණයට එරෙහිව විවිධ කලකෝලාහල පවා සිදුකරන්නට විය. කෙසේ හෝ එකල බුද්ධිමත් සිංහල පාර්ශ්වයන් පවා මෙම තීරණයට දැඩි ලෙස එරෙහි වන්නට විය. එකල එම පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ මෙය වර්ගවාදී අරගලවල ආරම්භය බැව්ය. අවසානයේදී එකල දමිළ ජනයා නියෝජනය කරන පෙඩරල් පක්‍ෂය විසින් දමිළ ජනතාව සහභාගි කරවාගත් උද්ඝෝෂණ පවත්වන්නට විය. මේක සැබෑ ලෙසම සාමකාමී අරගල විය. එලෙස එකල දමිළ ජනයා පාර්ලිමේන්තුව ඉදිරිපිට සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වූයේය. එයට එරෙහිව එකල එක්සත් භික්‍ෂු පෙරමුණ විසින්ද උද්ඝෝෂණයක් පැවැත්වීය. අවසානයේදී සිදුවූයේ මහා විනාශයකි. සිංහල ජාතිවාදී කල්ලි පැමිණ දමිළ ජනයාට දරුණු ලෙස පහර දෙන්නට විය. අවසානයේදී මෙම කෝලාහලවලින් දමිළ ජනයා 150ක් පමණ ඝාතනයට ලක්විය.

මෙම ජාතිවාදී අරගලය හේතුවෙන් මුල්වරට 1956දී එකල හදිසි නීතිය පැනවීමට කටයුතු කළේය. ඉන්පසුව හදිසි නීතිය ඉතාමත් තදබල ලෙස ස්ථාපිත කළ සමයක් වූයේ, 1971 ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලවලදීය. එතැනින් පසුව නැවැත ඉතාමත් උච්ච ලෙස මෙම නීතිය පනවනු ලැබුවේ 1983 කළු ජූලියේ කලබල පටන්ගත් විටදීය. එය ඉතා බියකරු ජාතිවාදී අරගලයක් විය. එතැනින්ද පසුව මෙම නීතිය ස්ථාපිත කළ තවත් බියකරු කෝලාහල සමයක් වූයේ 88 – 89 ජනතා විමුක්ති‘ පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ‘ත්‍රස්තවාදී කලබල සමයයි. ඉන්පසුව කොටි ත්‍රස්තවාදී සමයේ බොහෝ අවස්ථාවලදීද, තවත් වෙනත් දේශපාලනික අරගලවලදීද හිදිසි නීතිය පැනවීමට එකල තිබූ රජයන් කටයුතු කර ඇත. එම ඉතිහාසය ගතවී ගොස් අද අප සිටින්නේද නවතම විෂයක් සඳහා හදිසි නීතිය පැනවූ මොහොතකදීය. එනම් රජයක් පෙරළා දැමීම සඳහා තරුණ අරගලයක් සිදුවන මොහොතකදීය. කෙසේ හෝ දැන් මෙම ඉතිහාස කතාව අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය පැනවීම ආරම්භ කර දැනට වසර 65ක් ගතවී ඇති බැව්ය. එනම් ලාංකික රාජ්‍ය පාලකයන් යටතේ එසේ සිදුවී ඇත.

කෙසේ හෝ මෙම හදිසි නීතිය කතාන්දරයේ ලෝක ඉතිහාස වගතුග ගත්විටද පෙනී යන්නේ, එයට වසර 200ක පමණ ඉතිහාසයක් තිබෙන බැව්ය. එහෙත් රටින්, රටට මේ වගතුග බොහෝ වෙනස්ය. එසේ වුවද ලෝක වගතුග ගත්විට පැහැදිලිවම පෙනී යන්නේ, හදිසි නීතිය ස්ථාපිත කිරීමේ ප්‍රවණතාව පෙරට වඩා උච්චවී ඇති බැව්ය. එනම් පසුගිය වසර 05-07ක කාලය තුළ පමණක් ලෝකයේ රටවල් 35ක හදිසි නීතිය ස්ථාපිත කර ඇති බැව් විදෙස් වාර්තා පෙන්වා දෙයි. එසේම මෙම හදිසි නීති තත්ත්වයන් යටතේ එම රටවල ජනතාව බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන් ආකාරයක් පෙන්වා ඇත. බොහෝ රටවල්වල හදිසි නීතිය යටතේ පැවැත්වුණු අරගලවලට හමුදා මගින් වෙඩි තැබීම් සිදුකිරීම නිසා බොහෝ ජීවිත පවා විනාශයට පත්වී ඇත. පසුගිය සමීප කාලයේ හදිසි නීතිය පැනවූ රටවල් අතරට, ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ටියුනීසියාව, තුර්කිය, සිරියාව, ස්විස්ටර්ලන්තය, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව, රුසියාව, රුමේනියාව, පෝලන්තය, පෘතුගාලය, පිලිපීනය, පාකිස්තානය, නවසීලන්තය, මාලදිවයින, මැලේසියාව, ඉතාලිය, ඊශ්‍රාලය, ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය සහ තවත් රටවල් කිහිපයකටද අයත් වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කැබිනට්ටුව 25යි! තවත් 10ක් අද ඇතුළට එයි!

Next Post

උසාවි තීන්දුවට හිස නමා මෛත්‍රී පැජට් නිවසින් පිටවෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.