• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

June 27, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Share on WhatsAppShare on Facebook

රටේ උද්ගත වී තිබෙන උග්‍ර දේශපාලන-ආර්ථික-සමාජ සහ සංස්කෘතික අර්බුදය හමුවේ අතිශය කලකිරීමට පත්ව සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු තරුණ තරුණියන් සිය දිවි පරදුවට තබා උත්සහ දරමින් සිටින්නේ කෙසේ හෝ සිය මව්බිම අත හැර විදේශ රටකට පැන ගැනීමට යැයි විශ්ව විද්‍යාල තරුණ තරුණියෝ අවධාරණය කර සිටිති.

මේ තත්ත්වය අතිශය භයානක සහ ඉතා ශෝක ජනක බව පෙන්වා දෙන එම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගෙන, අපේක්ෂා භංගත්වයට පත්ව සිටින තරුණ තරුණියන්ට නව බලාපොරොත්තුවක් ඇති කිරීමට දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේදයෙන් තොරව සියලු දෙනා එකට ඒකරාශී විය යුතු කාලය එළැඹ ඇතැයි ද තරයේ කියා සිටිති.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ,  එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන විශ්ව විද්‍යාල තරුණ තරුණියන් මේ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග කොළඹ දී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

විදේශ විනිමය උපයා ගනිමින් රාජ්‍ය ආදායම ද වැඩි කර ගෙන රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ආසියාවේ හොඳම මුදල් ඇමති ලෙස සිය දැනුම, අවබෝධය, පළපුරුද්ද, අත්දැකීම සහ නායකත්වය රට-ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙස එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රවී කරුණානායක මහතාගෙන් එහිදී ඉල්ලා සිටියේය.

එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් සහ යෝජනාවලට සාවදානව ඇහුම්කන් දුන් රවී කරුණානායක මහතා, රට-ජනතාව වෙනුවෙන් ඕනෑම බරක් කරට ගෙන ඇපකැප වී ක්‍රියා කිරීමට තමා සූදානම් බව ද, රට-ජනතාව උදෙසා වන සිය වගකීම, යුතුකම සහ කාර්ය භාරය කිසිසේත් පැහැර හැරීමට ක්‍රියා නොකරන බව ද අවධාරණය කර සිටියේය.

මේ සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ්  වාස්,  ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ,  එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙසේ පැවැසූහ.

1994 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආචාර්ය සරත් අමුණුගම, කේ.එන් චොක්සි, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් මේ රටේ මුදල් අමාත්‍ය ධූර දරා තිබෙනවා.

එහෙත් රවී කරුණානායක මහතා හැරුණු කොට අනෙකුත් මුදල් ඇමතිවරුන් කිසිවෙකු සිය වගකීම, රාජකාරිය, කාර්ය භාරය සහ යුතුකම සාධනීය ලෙස රට වෙනුවෙන් ඉටු කළා කියා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නොමැති අතර ජාතික වශයෙන් ද ඇගයීමකට ලක් වී නැහැ.

කෙසේ නමුත් 2017 වර්ෂයේ දී ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගනිමින්, ජාත්‍යන්තර “The Banker” සඟරාව නිවේදනය කර සිටියේ, “ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්” ඔහුට එම සම්මානය ලබා දෙන බවයි. 

රජයේ බදු ආදායම දෙස අවදානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355ක් දක්වා, රුපියල් බිලියන 305කින් එනම් 30%කින් පමණ ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2014 වර්ෂයේදී දී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා, රුපියල් බිලියන 241 කින් ඉහළ නංවා ගැනීමට සමත් වුණා. 

රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එම අගය දිගින් දිගටම අඩු වෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය ගැටලු බොහොමයකට හේතු වී තිබුණා. මෙලෙස එම අනුපාතය දිගින් දිගටම පහළ වැටීමට හේතු වූයේ රජයේ ආදායම පහළ යාමයි. 

2000 වර්ෂයේදී 17.2%ක් ලෙස පැවති එම අගය 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා පහළ වැටුණා. 2015 වර්ෂයේදී එම අගය 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2016 වර්ෂයේදී එම අගය 14.1%ක් දක්වා ඉහළට එසෙව්වා. අනතුරුව නව මුදල් අමාත්‍යවරයෙකු පත් කිරීමත් සමගම මෙම අනුපාතය නැවත පහළ යාම ආරම්භ වූ අතර 2020 වර්ෂයේදී එම අගය නැවතත් 9.6% දක්වා අඩු වුණා. 

2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රුපියල් බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම ප්‍රමාණය රුපියල් බිලියන 105 ක් දක්වා ද, 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රුපියල් බිලියන 57ක් වූ අතර 2015 වර්ෂයේදී එම බදු ආදායම රුපියල් බිලියන 80 දක්වා වැඩි කර ගැනීමට ඔහුට හැකි වුණා. මේ ක්‍රියා මාර්ගවලින් රුපියල් බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා බදු දැල තාක්ෂණිකව එළා ප්‍රසාරණය කරමින් ධනවතුන්ගෙන් වැඩිපුර බදු ලබා ගෙන දුප්පතුන්ට විශාල වශයෙන් සහන දුන්නා. 

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන වත්මන් උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාත සහ බදු මුදල් තව දුරටත් වැඩි කර නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර සිටින බව අප කවුරුත් දන්නවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ කියන්නේ තාක්ෂණික සහ ප්‍රායෝගික උපාය උපක්‍රම භාවිතා කරමින් රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය එදා මෙහෙය වූ ආකාරයට මෙහෙය වන ලෙසයි. මහා බැංකු බැඳුම්කර චෝදනාවක් එල්ල කරමින් දේශපාලන වශයෙන් පරමාණු බෝම්බයක් ගැසුවේ රටේ ආර්ථිකය ගොඩනැගූ සහ ජාත්‍යන්තරයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ එහෙව් රවී කරුණානායකටයි.

ඇත්තටම මේ ක්‍රියාදාමය රවී කරුණානායක මහතාට එරෙහි කුමන්ත්‍රණයක් බව ඕනෑම ළදරුවෙකුට වුණත් තේරෙන අතර ඔහුට එරෙහිව පවරා ඇති මේ බැඳුම්කර නඩුව මේ වන විට පවත්වා ගෙන යාමටත් නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව කිව යුතුයි.

මේ රටේ ජනතාව දැන්වත් මේ ප්‍රශ්න දෙස විචාර බුද්ධියෙන් බලා නිවැරදි තීන්දු තීරණ ගත යුතු අතර මේ ප්‍රශ්න සඳහා රට-ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ උත්තර ලබා දෙමින් රවී කරුණානායක මහතා ද සැබෑ හොරුන් කවුරුන්ද යන්න පිළිබඳව කරුණු හෙළි කළ යුතුයි.

SendShareShare
Previous Post

විජේදාසගේ 22ට ජනාධිපතිවරයා තවත් අලුත් සංශෝධනයක් අද කැබිනට් එකට අරන් එන්න ලෑස්ති වෙයි! ව්‍යවස්ථාදායක සභා‌වේ අගමැතිගේ සහ විපක්ෂනායකගේ බලය සීමා කරන්න යයි!

Next Post

එජාප මහලේකම් රංගේ බණ්ඩාර තෙල් ප්‍රශ්නයේ සුලමුල හොයාගනී! ත්‍රීවීල් කට්ටිය ෆුල් ටෑන්ක් ගහලා එළියෙ වැඩි මිලට ජාවාරම් කරනවා! දෙවුන්දර තුඩුවෙ ඉඳන් ‌පේදුරු තුඩුව දක්වා හැම ගෙයක්ම පරීක්ෂා කරන්න ඕනෑ! නැව් 5ක තෙල් ගෙවල්වල හංගගෙන ඉන්නවා! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.