පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කිරීම සැලසුම් සහගත එකක් බැවින් ඊට එරෙහිව අදාළ ආයතනයට නීති ක්‍රියාමාර්ග ගැනීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා තීරණය කොට ඇත.
ඒ බව අත්‍යළුශ්‍ය සේවා කොමසාරිස්වරයා විසින් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.










