• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී කොළඹ තේ වෙළෙඳුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

August 16, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
රනිල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී කොළඹ තේ වෙළෙඳුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙයි!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129වන වාර්ෂික මහා සම්මේලනය අමතමිනි.
මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට බන්කොලොත්භාවයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළ අද අප ක්‍රියාත්මක කර තිබෙනවා. .
නමුත් තවදුරටත් අප රටේ ආර්ථිකයෙහි වෙළෙඳ ශේෂයක් පවතින්නේ නම් අපට වසර 10කට වඩා මෙම ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපට විදේශ ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අයවැය හිඟයක් ඇතිවන නිසා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට ද සිදු වෙයි.
අප නැවතත් මෙම පරණ ක්‍රමයටම යනවාද නැති නම් විධිමත් ආර්ථික ක්‍රමවේදයක් තුළින් නැගී සිටිනවාද යන්න තීරණය කළ යුතුයි. ඒ වගේම අප අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි.
යුද්ධය පැවති සමයේත් අප රටේ ආර්ථිකය ශක්තිමත්ව පැවතුණා. යුද්ධය පැවති වකවානුව තුළත් අප ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කිරීම ඊට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අද අපට හිමිකාරිත්වය සහ නියාමනය යන දෙයාකාරයෙන්ම රජය විසින් ආධිපත්‍ය දරන ආර්ථිකයක් පවත්වා ගැනීම අපහසුයි. නියාමනය ඉවත් කිරීම සහ පෞද්ගලීකරණය දැන් අපට ඇති විකල්පයයි.
තේ කර්මාන්තය රාජ්‍ය සහාය ඇතිව ගොඩනැඟුණු කර්මාන්තයක් නොවෙයි. මෙය පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා ඉන් අනතුරුව සාර්ථක වූවන්ගේ ව්‍යාපාරයක්. එහිදී ඇතැමුන් අසාර්ථක වුණා. නමුත් බොහෝ දෙනෙක් සාර්ථක වුණා. ඇතැමුන් වගාකරමින් සිටි ඉඩම් පවා මතභේදාත්මක ලෙස නැවත පවරාගැනීම් සිදුකර තිබුණා.

අප දැන් අනාගතය පිළිබඳ සිතිය යුතුයි. තවමත් මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තේ කර්මාන්තයට ශක්තිය තිබෙනවා. ඉදිරි වසර 20- 30 පිළිබඳ අවධානය යොමු කරමින් ක්ෂේත්‍රය තුළ මතුව තිබෙන ගැටලු හඳුනාගත යුතුයි.
ගෝලීය දේශගුණික විපර්යාස සමග අපට ඉදිරියේ දී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදු වෙනවා. තේ කර්මාන්තය රැකගැනීමට නම් මෙම නිවර්තන දේශගුණික කලාපය දේශගුණික විපර්යාස වලින් ආරක්ෂා කරගත යුතුයි. ඒ පිළිබඳව යෝජනා අප ජාත්‍යන්තර සමුළුවලදී ඉදිරිපත් කර තිබෙනවා.
මෙම තත්ත්වය ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිදු වූ දැවැන්ත කාර්මීකරණයේ අහිතකර පළවිපාකයක් ලෙස ද හඳුන්වා දිය හැකියි. අප මේ පිළිබඳව කතා කළ යුතුයි. අපට දේශගුණික විපර්යාසවලට අනුගත වීමට සිදුව තිබෙනවා. ඒ වගේම ජලය පිළිබඳව තත්ත්වය ද ඉතා භයානක බව කිවයුතුයි.
පසුගිය දිනක මා කියවූ වාර්තාවක දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි ජලමූලාශ්‍ර වලට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු දක්වා තිබුණා. ජල මූලාශ්‍ර බොහෝමයක් මධ්‍යම කඳුකරයේ පවතින නිසා එය තේ කර්මාන්තයට ඍජුවම බලපානවා. අපි තව වසර 50කින් 60කින් අපේ වෙළඳපොල පවතින්නේ කොතැනද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.
2050දී ලෝක ජනගහන වර්ධනය පිළිබඳව පුරෝකතන දෙස අවධානය යොමු කිරීමේ දී ඉන්දියාවේ ජනගහණය තවත් මිලියන 400කින් පමණ ඉහළ යනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා. කෙන්යාව, මලාවි සහ මැදපෙරදිග යන රටවල ජනගහනයත් ඉහළ යමින් තිබෙනවා. ඒ හා සමගාමීව එම රටවල ඒකපුද්ගල ආදායම ද ඉහළ යනවා.
නමුත් ශ්‍රී ලංකාවේ ජනගහනය ඉහළ යන්නේ නෑ. ඒනිසා අපේ නිෂ්පාදනය වර්ධනය කරගන්නෙ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. චීනය ජනගහනය ක්‍රමිකව පාලනය කර ගනිමින් පවතිනවා. එනිසා අප චීනය සමඟ කටයුතු කළ යුතුයි.
ඉදිරියේ දී චීනයේ තේ වැඩි වශයෙන් වෙළඳපොලට පැමිණෙන නිසා එයින් ඔබට හොඳ අවස්ථාවන් නිර්මාණය වනු ඇතියි. ඒ වගේම ඉන්දියාවද තේ වෙළෙඳපොළට පැමිණෙනවා. එනිසා අප ඉන්දියාව සහ චීනය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. අපිට තනිව ගමනක් නැහැ. ඔවුන්ගේ වෙළඳපොල ‍රටාවන් හොඳින් ඔබ අධ්‍යයනය කළ යුතුයි. ලෝකයේ නැගෙනහිර හා බටහිර රටවල් තේ මිලදීගෙන කිරි හෝ බිස්කට් සමඟ සකස් කරගෙන පානය කරනවා. ඒ සඳහා පමණක් තේ නිෂ්පානය කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. අද Green tea ලෝකය තුළ ප්‍රචලිත පානයක් බවට පත්ව තිබෙනවා. අප තේ ආශ්‍රිත නව සොයාගැනීම් හා නිෂ්පාදන පිළිබඳ සිතා බැලිය යුතුයි.
මම කුඩා කාලයේ අපේ නිවසේ ඉතා විශාල මුළුතැන්ගෙයක් තිබුණා. නමුත් දැන් නිවාසවල දකින්න තිබෙන්නේ ඉතා කුඩා මුළුතැන්ගෙයක්. තවත් වසර 20කින් 30කින් පමණ ඉදිවන නිවාස වල මුළුතැන්ගෙයක් නැතිව ආහාර නිෂ්පාදනය කරන යන්ත්‍ර එකක් හෝ දෙකක් දක්නට ලැබේවි. මේවා අපට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අභියෝග බව සිහියේ තබා ගත යුතුයි.
අප එම අභියෝග හඳුනාගෙන ඊට ගැළපෙන විකල්ප සමඟ ඉදිරියට යා යුතුයි. ස්වීඩ්න් ජාතික ආර්ථික විශේෂඥයෙකු වූ Gunnar Myrdal විසින් 1960 දශකයේ ලියන ලද Asian Drama කෘතියෙහි ශ්‍රී ලංකාවද විශ්ලේෂණයට ලක් කරමින් ඔහු සඳහන් කර තිබුණේ “බ්‍රිතාන්‍යයන් සිය කළමනාකරණය සහ මූල්‍ය අත්දැකීම් කාර්මික විප්ලවය මගින් ලබාගෙන ඒවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඉන්පසු එය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දුන් බවය. ඒ නිසා අපට නූතන වැවිලි කළමනාකරණ පද්ධතියක් ලැබී තිබෙන බව එහි සඳහන් වෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන් සමඟ සන්සන්දනය කිරීමේදී නව කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව සිතීමට දැන් කාලය එළැඹ තිබෙනවා. එය සියලුම නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතුයි.
එහිදී කෘත්‍රිම බුද්ධිය, ජෛවතාක්ෂණවේදය වැනි විෂයන්ද උපයෝගී කර ගත හැකි දැයි විමසා බැලිය යතුයි. එය පෞද්ගලික අංශය වන ඔබගෙන් නිර්මාණය විය යුතුයි. මොකද අවසන් අධිකාරිය පවතින්නේ ඔබගේ වෙළෙඳපොළ තුළයි.
ලිප්ටන් මහතා ලංකාවට පැමිණියේ නැත්නම් අද මේ මුකුත් නැහැ. ඒ නිසා එම ක්‍රමවේදය වැඩිදියුණු කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන එන මංපෙත් කඩිනමින් සොයා බැලිය යුතුයි. අප ඔබට එහිදී පූර්ණ සහාය ලබා දෙනවා. තේ කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අපට කළ හැක්කේ එයයි. ඒ සමඟ මතුවන ගැටලු විසඳීමට ද අප කටයුතු කරනවා.
ශ්‍රී ලංකා තේ නොකිලිටි (pure) තේ ලෙස ජාත්‍යන්තරයට ගෙන යන ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා අප හොඳම විසඳුම් සමඟ ඉදිරියට යමු කියා මම ඔබට ආරාධනා කරනවා.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජනක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ වරාය නගර සභාපති ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති සංජය හේරත්, උප සභාපති ලුෂන්ත ද සිල්වා හිටපු සභාපතිවරුන් වන ජනක කරුණාරත්න සහ ඇන්ස්ලම් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-16

SendShareShare
Previous Post

සංචාරකයෝ එන්නෙ නැත්තෙ අපි හින්දද? පොලිස්පති කෙනෙක් නෑ! පාතාලයෙන් දවස ගාණෙ මිනිස්සු මරනවා! සංචාරකයන්ට ආරක්ෂාවක් තියෙනවද? කෝ දැන් සොනික්.. සොනික්..? ‌ඉස්සෙල්ලාම සොනික් සොනික්ව හොයාගෙන ඉන්න! හරීන් කියපු කතාවලට නිරෝෂන්ගෙන් දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඖෂධ සංස්ථාවේ සභාපති විතරක් අයින් කරලා කෙහෙළියයි අමාත්‍යංශ නිලධාරීනුයි බේරෙන්නයි යන්නේ! එහෙම බෑ! මේ වංචාවලට හැමදෙනාම වගකියන්න ඕනේ! කෙහෙළිය වහා ඉල්ලා අස්වනු! පෙරටුගාමී පුබුදු සාක්ෂිත් එක්කම සෞඛ්‍යයේ තවත් මහා වංචා හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.