ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ග පිළිසකර කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.Sri Lanka Latest News
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පවතින අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලුම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.









