ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් ඊයේ (09) දින පැවැත්වී ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ජාව සදහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද ආරාධනා කර ඇති නමුත් විශේෂ කටයුත්තක් හේතුවෙන් ඒ මහතා ඊට සහභාගී වී නොමැති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාවේදී ප්‍රධාන මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන්ම සාකච්ජා වී ඇති අතර එහිදී තීන්දු තීරණ රැසක්ම ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










