සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ දිනයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාවද රැගෙන ඒමට පියවර ගෙන තිබිණ.
ඒ, එදා ජනාධිපතිවරණයට පෙර රටේ පාලකයා කවුරුන් විය යුතුද සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් නැවත වතාවක් විකාශය කරමිනි.
එහිදී වීරවංශ මහතා කීවේ ජාත්‍යන්තර මිල ගණන් අනුව කටයුතු කිරීමට නම් ජනාධිපතිවරයකු, ඇමැතිවරුන් අවශ්‍ය නැති බවකි.










