ආපු ගමන් ඊයෙ ගොවියො හමුවුණු පවර් අද උදේ 9.30ට රනිල් හමුවෙයි! ජිනීවා යෝජනා ගැන කතාකරන්නත් සූදානමින්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පෙරවරුවේ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය හමුවීමට නියමිත බව වාර්තා වේ.

අද පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතයි.

පවර් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ එළැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරය පිළිබඳව ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අතර එහිදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. .

පවර් 2013 සිට 2017 දක්වා එක්සත් ජාතීන්ගේ හිටපු එක්සත් ජනපද තානාපතිවරයා වන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වගවීම සම්බන්ධ ගැටළු කෙරෙහි විශාල අවධානයක් යොමු කර ඇත.

Exit mobile version