ටෙන්ඩර් කැඳවීමකින් තොරව මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමේ අවසරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ අදහස් දක්වනවා.
පසුගියදා පැවැති ජන හමුවක් අමතමින් එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතාගේ එම ප්‍රකාශයෙන් පසුව ජනාධිපතිවරයා ඔහු අමතා දැඩි ලෙස දෝෂාරෝපණය කර, එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස දැනුම් දෙන්නට ඇති බවයි.
ෆර්ඩිනැන්ඩු මහතාගේ එම ප්‍රකාශය හේතුවෙන් ඉන්දීය දේශපාලනයද කැලඹීමට පත්ව ඇති බවයි විද්‍යාරත්න මහතා එහිදී සඳහන් කර සිටියේ.










