අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
වරාය අධිකාරිය ඉටු කළ යුතු සියලුම සේවා, පෙට්‍රොලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලු ඉන්ධන සැපයුම හා බෙදා හැරීම, දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගමන ගමන මණඩගලය මගින් කරනු ලබන සියලු පොදු සේවා , සහ එම පොදු සේවාවන් පවත්වාගෙන යාමට අත්යවශ නඩත්තු හා මෙහෙයුම් කටයුතු මෙම ගැසට් නිවේදනයෙන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යල, ප්‍රාදේශීය ලේකම් කාර්යල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් , කෘෂි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ සියලු නිලධාරීන්ගේ සේවාවන් ද අත්‍යාවශ්‍ය සේවාවන්ට ඇතුළත් ය.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු ඇතුළු රක්ෂණ සේවා ,සෞඛ්‍ය සේවයට අදාළ සියලු සේවා , සතොස සහ සමූපකාර කටයුතුවලට අදාළ සේවාවද ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර තිබේ.
මීට අමතරව පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු සේවාවන් මෙන්ම තැපැල් සේවාව ද අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.









