ගෑස් ආශි්රත පිපිරීම් දිගින් දිගටම වාර්තා වීම හේතුවෙන්, නිවසට ගෙනා භූමිතෙල් ලිප පෙරළී සිරුරට ගිනි ඇවිලී තුන් මස් ගැබිණියක මියගිය පුවතක් වාර්තා වේ.
මියගොස් ඇත්තේ මඩකලපුව ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇයට වයස අවුරුදු එකොළහක දරුවෙකු සිටින බවද වාර්තා වේ.
ගිනි ඇවිලීමෙන් සිදුව තිබුනු බරපතළ තුවාල සදහා සති තුනකට ආසන්න කාලයක් ඈ ප්රතිකාර ලබමින් සිට ඇත.
පළමුව මඩකලපවු රෝහලට ඇතුළත් කර තිබුණු එම කාන්තාව පසුව කොළඹ මහරෝහල වෙත මාරුකර එවා තිබේ.










