දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් රක්ෂණයට නීත්‍යානුකූල නොවන ලෙස තැරැව්කාර සමාගමක් පත් කර ඒ හාරහා ශ්‍රී ලංකා රක්ෂණය සමාගම විසින් රුපියල් 4,750,828.72 ක මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සැලැස්වීම මගින් රජයට සිදුකළ පාඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.










