• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පැපරාසීන් ‘සීමන්’ වට කරයි… ප්‍රභාකරන්ගේ අලුත් කතාව ඔන්න එළියට පනී…

October 19, 2022
in Exclusive, Heart
Reading Time: 6 mins read
A A
පැපරාසීන් ‘සීමන්’ වට කරයි… ප්‍රභාකරන්ගේ අලුත් කතාව ඔන්න එළියට පනී…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

සමස්තයක්ව ගත් කලෙක ලොව බොහොමයක් වූ නිර්මාණකරුවන් තම නිර්මාණයන් කලඑළි දැක්වීමේදී සිය මානසිකත්වය සමග එය පටලවා ගැනීම සාමාන්‍ය දෙයකි. පටලවා ගැනීම යන වචනය මෙතැනදී පාවිච්චියට ගත්තද බොහෝ විට එවැනි නිර්මාණකරණයන් තුළ කිසිදු ආරවුලක් එය රස විඳින්නන් තුළ නම් හටගන්නේ නැති බවද කියන්නට ඕනෑය. එයට නිදසුන් ඕනෑ තරම් වේ. එකක් හෝ දෙකක් කියනවා නම් ප්‍රවීණ ඉන්දියානු ලේඛිකා සුසෑනා අරුන්දතී රෝයි තමා ලියූ සෑම නවකතාවකටම පාහේ සිය ජීවිත අත්දැකීම් පටලවා ගත්තාය. ඒ පටලවා ගැනීම අති සංවේදී විය. සුවහසක් කාන්තාවන් වයස් භේදයක් නැතිව එය රසවිඳීමට වහල් වූයේ කෝටි ගණනක ලාභයක් ඇගේ දෝතට දිනා දෙමිනි. කතාබහට විචාර පැසසුමට පවා ලක්වූ එම නිර්මාණයන් සම්මානයටද පාත්‍ර විය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ද ඉහත කී පටලවාගැනීම තුළ කදිම සාර්ථකත්වයක් අත්විඳි නිර්මාණකරුවෙකි. හින්දු – මුස්ලිම් කතන්දරය ගැන නිතර සිත් තැවුලෙන් කතා කළ මනිරත්නම් එය පාදක කොට ගෙන තැනූ සියලු නිර්මාණයන් බොක්ස් ඔෆිස් වාර්තා තැබීය.

ස්ටීවන් ස්පිල්බර්ග් නම් සුදු ජාතිකයා දිහාට ටිකක් හැරෙමු. ස්පිල්බර්ග්ගේ මානසික්තවය තුළ හැමදාමත් වාගේ වූයේ පිටසක්වළ ලෝකයක් ගැනය. එහි සිටින අරුමපුදුම ජීවීන් ගැනය. ඉස්කෝලේ යන ගැටයා සන්දියේ ඉඳන්ම ඒ ගැන ස්පිල්බර්ග් මැවූ මානසික ලෝකය ඔහු ලෝකය හමුවේ තැබුවේ ඊස්ට්මන් වර්ණ නැති තද දුඹුරු පාට වඩාත්ම උලුප්පා ගත් චිත්‍රපට හරහාය. ඒ නිර්මාණකරණය තුළින් හෙතෙම අති විශිෂ්ට රසාස්වාදයක් දිනාගත් අතර සිය බැංකු ගිණුම්ද ඇති පදමට පුරවා ගත්තේය.

ඒ සියලු නිදසුන් මැද තවත් එක් හොඳම නිදසුනක් වන්නේ ඇමෙරිකන්කාරයා වියට්නාමයට එරෙහිව නිර්මාණය කරන සිනමා කලාවය. එක්දහස් නවසිය අසූ ගණන්වල ඉඳන්ම ඇමෙරිකන් චිත්‍රපට අධ්‍යක්ෂවරු තම ජාතියේ ගැම්ම බේරාගැනීමට හිටු කියා වියට්නාමයට ඇඩ්‍රස් නැති කරන තාලයට චිත්‍රපට තනා සව්දිය පුරති. හැබැයි සැබෑ කළු සුදු යථාර්ථය තුළදී ඇමෙරිකන්කාරයා වියට්නාමය වැනි කුඩා ජනපදයක් හමුවේ තම තමන්ගේ යුද බංකර් ගලවාගෙන පල්ලම් බැස ගිය ඇත්ත කතාව මුළු ලෝකයටම එක්දහස් නවසිය හැත්තෑතුනේ අසන්නට ලැබුණේ නම් චිත්‍රපටයක නොවේ. ඒ දරුණු ලැජ්ජාව දරාගැනීමට බැරි ශෝකය අදටත් ඇමෙරිකානුවෝ වසාගන්නේ වියට්නාම්කාරයන්ට මදි නොකියා පහර දී අවසානයේ ඔවුන් ෂැම්පේන් කඩමින් ජය ඝෝෂා නඟන චිත්‍රපට කලාව ලෝකය පුරා පෙන්වමිනි.

ඒ ජාත්‍යාලය හෙවත් තම ජාතිය ගැන කැක්කුම කියන මානසිකත්වය පටලා ගැනීම තුළ කරන නිර්මාණකරණයට ඉතා සමීප සාක්ෂියකි, නිදසුනකි. ඒ වාගේ ජාති ආලය ගැන කතාවක් මේ දවස්වල දකුණු ඉන්දියාවෙන්ද ආරංචි වෙන්නට පටන් ගෙන ඇත. එම ආරංචිය අනුව ජාත්‍යාලය මුල් කරගෙන තම මානසිකත්ව පටලවා ගැනීමේ මෙහෙවරට මුහුණ දීමට සූදානම් වන්නේ තමිල්නාඩුවේ සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකි. ඔහු නම් තමිලර් පක්ෂයේ නායකත්වය දරන සෙන්තමිසාන් සීමන්ය. කලාකරුවකු නොවූ සීමන් කලාකාමී මිනිසකු වෙන්නට මේ දඟලන්නට හදන්නේ සිය දමිළ ලෙයට ඇති තදබල කැක්කුම නිසාය. ඔහුගේ ජාත්‍යාලය පදමට රත්වූ මෙහෙවරට උරදෙන්නේ ප්‍රවීණ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ වෙටි්‍රමාරන්ය.

‘නාම් තමිලර්’ පක්ෂ නායක සීමන් සමග ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වෙටි්‍රමාරන් රාජ රාජ චෝලන්ගේ සහ මරණයට පත්කරන ලද ප්‍රභාකරන්ගේ චරිත අලළා නිර්මාණය කෙරෙන දැවැන්ත චිත්‍රපට නිර්මාණයක් වෙනුවෙන් අත්වැල් බැඳගනිති.

‘නාම් තමිලර්’ නායක සෙන්තමිසාන් සීමන් පසුගිය බ්‍රහස්පතින්දා හිමිදිරියේ සිය නිල ට්විටර් ගිණුමේ එම සටහන ලොව පුරා මුදාහැරියේය. ඒ සමග සීමන් මඳක් නුදුරු ඈතක මියගිය දමිළයන් සහ දමිළ ජාතිකයන්ට වන අසාධාරණයන් ගැන මුළු ලොවටම හඬගා කතා කළ ජාතික වීරයකු සේ සැලකෙන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සහ දේශපාලනඥ ආචාර්ය අම්බෙඩ්කාර් පිළිබඳ සටහනක්ද තම ට්විටර් සටහනට එක් කොට තිබුණේය.

‘පීඩිත පන්තියේ ඉතිහාසය ගැන ඔවුන් අතින්ම කවදා හෝ ලියැවෙනු ඇත. එකී ඉතිහාසය ලියැවෙන දිනෙක මුළු මහත් ලෝකයම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන දැනගනු ඇත.’

  • අම්බෙඩ්කාර්

සීමන්ගේ ට්විටර් මුදාහැරීමට අනුව රාජ චෝලන් සහ ප්‍රභාකරන්ගේ චරිතාපදානයන් සිනමාවට නඟන්නට සූදානම් වන්නේ සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වෙටි්‍රමාරන්ය.

‘ඔබ විශාල මෙහෙවරකටයි මේ සූදානම් වන්නේ. දේශපාලනයට සමුදී චිත්‍රපට කලාවට යොමුවෙන්නද ඔබේ අදහස?’

ට්විටර් මුදාහැරීම හමුවේ කලබල වූ පැපරාසීන් සීමන්ව ප්‍රසිද්ධියේම වැටලුවේ නගරසභා උත්සවයකට පැමිණි මොහොතේය. ඉහත ප්‍රශ්නයට සීමන් උපහාසයෙන් පළමුව සිනාසුණේය. අනතුරුව හෙතෙම,

‘ඔබ ඇසූ ප්‍රශ්නය මට මහා විහිළුවක්. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න මම ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නට ඕනෑ කියා හිතන එක හරිම මෝඩයි. හැබැයි මෙතැනදී දිය යුතු උත්තරය මෙහෙම දෙන්නම්. නිර්මාණකරණය කියන්නේ හුදු විනෝදය සතුට පමණක්ම දිය යුතු කලාවක් නෙවෙයි. එයින් සමාජයට දිය යුතු පණිවුඩද බොහොම තියෙනවා. නමුත් අපේ ප්‍රවීණ යැයි කියාගන්නා වැඩි පිරිසක් චිත්‍රපටකරුවන් අවැසි දේ ලෝකයට දෙන්නෙ නැහැ. ටිකක් හිතලා බලන්න ඔයාලගේ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් ගැන. ඔහු ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටය හරහා චෝල ඉතිහාසය සම්පූර්ණ විකෘති කරලා. ඔහු ‘රාජ රාජ චෝලන්’ගේ චරිතය හින්දු රජකුට සමාන කරන්නට ගිහින් එතුමට ලොකු අගෞරවයක් කරලා. එය දකුණෙහි සංවිධානවලත්, දමිළ හිතවාදී කණ්ඩායම්වලත් දැඩි විවේචනයට පවා ලක්වුණා. වෙටි්‍රමාරන්ද මෙය මාධ්‍ය හමුවකදී කියා සිටියා මතක ඇති නේද ඔබට.

ඉතින් මේ අහන්න. ප්‍රවීණයන් තම කලා නිර්මාණ හරහා එහෙම වැරැදි රූප ලෝකයට දෙනකොට අපට සිදුවෙනවා දේශපාලකයන් ලෙස හෝ වැරැද්ද නිවැරැදි කරන කලා නිර්මාණ කරන්න. හිංසාවට ලක්වන දමිළ පීඩිතයන් ගැන හරි දේ ලෝකයට දෙන්න. චිත්‍රපට නිෂ්පාදනයට විතරක් නෙවෙයි, නළුවකු වීමට වුණත් මම ලෑස්තියි. දමිළයන් වෙනුවෙන් කවදා හරි අපේ ඉතිහාසය අපි ලොවට කියාපානවා…’

ප්‍රවීණ දේශපාලන නායකයකු වූ සීමන් එලෙස තම හඬ ඉමහත් උද්දාමයෙන් අවදි කොට තිබිණි.
‘තව එක ප්‍රශ්නයයි සර්, ප්‍රභාකරන් චරිතය සහ රාජ රාජ චෝලන් චරිතය චිත්‍රපට දෙකක් ලෙසද ඔබ අතින් නිෂ්පාදනය වෙන්නේ…?’

පැපරාසියා ඒක ඇහුවේ සීමන් වාහනයේ දොරට අත තියනකොටයි.

‘එය වෙටි්‍රමාරන් ගතයුතු තීරණයක්. මම ඔහුට ඕනෑ තරම් නිදහස දෙනවා. අවැසි දේ ඔහු ලෝකයට අපූරුවට දෙන බව විශ්වාසයි….’

‘විශාල මුදලක් මේ සඳහා වැය වේවි. ඔබ ඊට සූදානම්ද?’ කියා අවසානයට පැපරාසියා අහනකොට සීමන් ඔහුට පෑවේ සුහද සිනාවක් නොවන බවයි සමාජ ජාල වෙබ් අඩවියක සඳහන්ව තිබුණේ.

කොහොම නමුත් ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු වෙටි්‍රමාරන් මෙම නිර්මාණ යුගල පිළිබඳ තවම කිසිවක් ප්‍රසිද්ධියේ පවසා නැහැ. දෙමළ ජාතිකයා කොතැනත් ශුද්ධවන්තයෙකි. යම් ලේ හැලීමක් ඔහු කළා නම් ඒ තම ජාතිය උදෙසාය යන ආලවන්ත හැඟීමෙන් පසුවන වෙටි්‍රමාරන් දේශපාලන පෙරළිකාරයකු වූ තරමක් අළුගෝසු අදහස් ඇති සීමන්ගේ මනදොළ සනහන ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කරන බව කොලිවුඩයේ බොහෝ දෙනකුගේ අදහස බව සීමන් මුදාහැර ඇති ට්විටර් පණිවුඩයට ලැබුණු කමෙන්ට්ස්වලින් සනාථව ඇත.

මෙම ප්‍රසිද්ධ ආක්‍රමණශීලී චරිත දෙක වෙන වෙනම නිෂ්පාදනය වේද? එකක් ලෙස දැවැන්තව නිර්මාණය වේද යන්න වෙටි්‍රමාරන් තවම කියා නැත. රංගනය සඳහා තෝරාගැනෙන්නන් ගැනද තවම හාවක් හූවක් නැත. හැබැයි මෙය කටින් බතල සිටුවීමක් නොවන බව නම් දැඩිව ස්ථිර වන කාරණයක් වන්නේ සීමන්ගේ පම්පෝරිය සහ කයිවාරුව පමණට වැඩි නිසාය. මොකද චිත්‍රපටය නොකර හිටියොත් කියාපු කියුම් කෙරුම්වල හැටියට සීමන් ආයෙම දේශපාලන වේදිකාවට පය තැබිය යුත්තේ රෙදි නැතුවය.

කොහොම වෙතත් සීමන්ගේ වෑයම මර්දනයට ලක්වූ දෙමළ පීඩිතයන්ට සහ ‘නරකය’ යන නාමය යටතේ හංවඩු ගැසුණු පෙරළිකාර දෙමළ චරිතයන්ට සාධාරණය ඉටුකිරීමය. ‘රාජ රාජ චෝලන්’ව මඳකට පසෙකින් තැබුවද ප්‍රභාකරන් චරිතයට ශුද්ධවන්තභාවයක් දීමට ඔහු මෙම නිර්මාණකරණය හරහා වෙහෙසෙනවා වන්නට පුළුවන.

ප්‍රභාකරන් වැනි ම්ලේච්ඡ චරිතයකට ශුද්ධ වූ යන නාමය දෙන චිත්‍රපට බලන්නට කඳුළු සලන්නට සීමන් වැනි ජාත්‍යාල උණ තිබෙන මිනිසුන්ට පුළුවන්කම තිබුණාට ඔහුගේ අමානුෂික ප්‍රහාර හමුවේ කායිකව මානසිකව බැටකෑ ලෝකයා ඊට දක්වන ප්‍රතිචාරය කුමක් වෙයිද?
ඇතැම් විට මේ කිසිවක් සීමන්ට අදාළ නැති වෙන්නට පුළුවන්. සීමන්ට ඕනෑ එකකි. ඒ, ජාති හිතෛෂී ආචාර්ය අම්බෙඩ්කාර් කිව්වා වාගේ,

‘මරදිත පන්තීන්ට සාධාරණය ඉටුවිය යුතුය. කවදා හෝ ඔවුන්ගේ ඉතිහාසය ඔවුන් අතින්ම ලියැවෙනු ඇත…’ යන කියමන මත සිය මෙහෙවර සිනමා පට මතින් ලෝකයා හමුවේ කියා පෑමටය.

සෙන්තමිසාන් සීමන්ගේ සහ වෙටි්‍රමාරන්ගේ සිහින සැබෑ වෙයිද?

එය කියන්න දන්නේ නැත. නමුත් කෙලෙසක හෝ තම සිහින සැබෑ කරගන්නා මිනිසුන්ද ලොව ඕනෑ තරම් වේ.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share357Tweet223SendShare89
Previous Post

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ලූ රනිල් හමුවෙයි!

Next Post

රනිල් ජාතිය අමතයි! මීටත් වඩා අසීරු කාලයක් පැමිණිය හැකි බව යළි රටට දැනුම් දෙයි!

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version