ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාලන බලය දරන හොරණ ප‍්‍රාදේශීය සභාවේ සහ තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 සඳහා වූ අයවැය අද (07) පරාජයට පත්ව ඇත.
හොරණ ප‍්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව ඇත්තේ වැඩි ඡන්ද 4 කිනි.
ඡන්ද 25ක් අයවැයට විරුද්ධව ලැබී අතර ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 21ක් පමණි0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකුගේ ඡන්දත් අයවැයට විරුද්ධව ලබාදී ඇතිඅතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
ඒ අතර තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවත් පරාජයට පත්ව තිබේ.
ඒ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රිවරුන් දෙදෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීීම හේතුවෙනි.
2022 අයවැයට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන චන්දන ගුණතිලක, ප්‍රසන්න විතානගේ යන මන්ත්‍රිවරුන් දෙදෙනාම විරුද්ධව ඡන්දය ලබාදී තිබීමේ ප්‍රතිපලය වූයේ අයවැයට විරුද්ධව ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද 4ක් ලැබී අයවැය පරාජය වීමයි.










