ආණ්ඩුවේ සිටින මඩ බළකායක් විසින් ගුරු කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති බවට රටට පෙන්වීම සදහා ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ කාන්තා ජායාරූප උපයෝගී කොටගෙන ව්‍යාජ පුවත් සහ පෝස්ට් නිර්මාණය කරමින් සිටින බව ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
මෙය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රචාරයක් බවත්, ගුරු සටන මුල් කරගෙන කිසිදු ගුරුවරයකුට ගැටලුවක් මතුවී නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










