• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ගැන ජනතාවට බොරු කිව්වා ඇති! දැන්වත් ඇත්ත කියන්න! ගිවිසුම ගැන අප ළඟදීම සියල්ල හෙළිදරව් කරනවා! සජිත් අදත් විපක්ෂයේ විධායක කමිටුව හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 17, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
විපක්ෂයේ පොදු එකමුතුවේ විධායක කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! සජිත් අන්ත ධනවාදය-අන්ත සමාජවාදය ප්‍රතික්ෂේප කොට තුන්වැනි මැද මාවතේ ආර්ථික දැක්ම පැහැදිලි කරයි! රාජ්‍ය මැදිහත්වීම සිදුකරන අවස්ථාවත් කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස මුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වුවත් වර්තමාන රජය පමා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට හානිදායක, ජනතාවට වින කරන දුර්වල ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මේ රජය නොහැකියාවෙන් පෙළෙන රජයක් බවත් ඔවුන්ගේ අමනෝඥ, අකාර්යක්ෂම වැඩපිළිවෙළක් තුළ රටත් රටේ ජනතාවත් අනතුරට පත් කරන ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කිරිම තුළ රටේ ජනතාවට තවදුරටත් අන්ත අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළමු කාර්තුවේ ආර්ථිකය සංකෝචනය වුණු රජයේ ම සංඛ්‍යා ලේඛන දෙස බලන විට එය මනාව පැහැදිලි වන බවත් රජය සෑම විටම සිදු කරන්නේ රටේ ජනතාවගෙන් තොරතුරු වසන් කිරීම බවත් ඊට අමතරව රටේ ප්‍රශ්න විසඳනවා කියා රජය සිදු කර සිටියේ රට බංකොලොත් කළ හොරු රකිමින් හොරුන්ට සුරසැප ලබා දෙමින් තමන්ද සුරසැප විඳිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අසාර්ථක ගිවිසුමක් ඇති කර ගැනීම බවත් එහි ප්‍රතිඵල මේ වන විට ජනතාව භුක්ති විදිමන් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවදුරටත් රජයට ජනතාවට බොරු කිරීමට අවස්ථාව ලබා නොදී මේ බොරු සහ රැවටිලි සියල්ල හෙළිදරව් කරන බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේ දීය.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ හොරා කෑ හොරු ටික අල්ලා, ඔවුන් රටට අහිමි කළ සම්පත් නැවත ලබා ගැනීමට අවශ්‍ය දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු වවත් මේ දෙබිඩි රංගනයට ඉඩ නෙදෙන බවත් ය.

එසේ ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බවට ජනාධිපතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශ්ව කියා සිටියත් හදීසියේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට තීරණය කර ඇති බවත් මෙසේ ජනතාවට බොරු කියන්නේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වෙනස් කිරිම තුළ රජය විසින් රටත් ජනතාවත් මහා අනතුරකට ලක් කර ඇති බව යි.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම තුළ රටේ ආර්ථික අස්ථාවරභාවයක් නිර්මාණය වන බවට රජය දැන සිටියේ නැත්ද? ඒවා නොදැන ද මෙම ගිවිසුම් ගැසුවේ? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝකයේ රටවල් රැසක් ජනතාව පැත්තෙන් ගිවිසුම් ගැසුවත් රාජපක්ෂ හිතවාදී වත්මන් රජයට ජනතාව ගැන හිතන්න බැරි වූයේ ඇයිද? කියා විමසන බවත් පැවසීය.

ලෝකෙ වටේ ගොස් දේශපාලන සංදර්ශන පවත්වා හැම දේම හරි බව පැවසුවත් රටේ ආර්ථිකය හැකිලෙන්නේ ඇයිද? කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේ පරාටේ නීතිය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දේපල විකිණීම රජයේ ආර්ථික ප්‍රතිපත්තියක් ද? කියා ප්‍රශ්න කර සිටින බවත් ය.

එබැවින් රජයට කියා සිටින්නේ මේ බොරුවෙන් මිදී රටේ ජනතාවට සත්‍ය පවසන ලෙසත් දේශපාලන සූදු ක්‍රියාත්මක නොකරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වගකිව යුතු විපක්ෂයක් ලෙස ශක්තිමත් ගිවිසුමකට එළඹීමට කාලය ලබා දුන්නත් රජය ජනතාව වෙනුවෙන් ඒ තීරණය ගැනීමට අපොහොසත් වූ බැවින් රටටත් ජනතාවටත් අහිතකර වන සියලු යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් ය.

සත්‍යවාදීව විවෘතව යථාර්ථවාදීව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළේ දී මතය වෙනස් කළේ ඇයිද? කියා ජනතාවට පැහැදිලි කරන ලෙසත් ඒ සම්බන්ධ පිළිතුරක් ලබා දෙන තුරු රටත් ජනතාවත් විපක්ෂයත් අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

බාල එන්නත් නිසා විදුහල්පතිනියකට දිවි අහිමි වෙයි!

Next Post

මීටපස්සෙ කා එක්කවත් සාකච්ඡා බෑ! බැසිල්ගෙන් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්ට නියෝගයක්! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.