අද සහරාන්ලා කරපු විනාශයට වඩා වැඩි විනාශයක් වත්මන් පාලකයන් රටට සිදු කරමින් සිටින බව පාතේගම ඤාණිස්සර හිමියෝ සදහන් කර සිටිති.
ස්වදේශාභිමානී ජාතික ව්‍යාපාරය බිහිකරමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.
අද පාලකයන් බොරු දේශප්‍රේමයක් පෙන්වමින් රටේ ජාතික සම්පත් විකුණන බව කී උන්වහන්සේ අනතුරුව ඔවුන් විදෙස් රටවල පදිංචියට යාමට කටයුතු කරන බවද කියා සිටියහ.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සදහා තමන් මෙම ජාතික සටන අරඹන බවද උන්වහන්සේ කියා සිටියහ.









