• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

උඩ යන…යට යන…අයෙත් උඩට එන… බැණුනුත් අහන කොත්තු මී කෙල්ල හෙවත් ඉන්දියාව හොල්ලන අපේ මැණික…

September 26, 2022
in Exclusive, Heart, News
Reading Time: 8 mins read
A A
උඩ යන…යට යන…අයෙත් උඩට එන… බැණුනුත් අහන කොත්තු මී කෙල්ල හෙවත් ඉන්දියාව හොල්ලන අපේ මැණික…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

නොසිතූ වාසනා මහිමයක් හමුවේ ජීවිතය ජයගත් කලා ශිල්පීන් ලොව හැම කොනකම වාගේ ඉන්නවා. ලෝක සිතියමේ පුංචිම පුංචි තිතක් වාගේ පෙනෙන ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන අපේ පුංචි රටේද එහෙම වාසනාවන්තයන් වගේම වාසනාවන්තියන්ද ඉන්නවා. ලිස්ට් එකක් විදියට ඒ හැමෝගෙම නම් ලියන්න ගත්තොත් ඒක ටිකක් අවුල්සහගතයි. ඒ නිසා අපි අදාළ කතාවට එමු. මේ කියන්න යන කතාවට මූලිකත්වය දෙන්නෙත් අර ඉහත කියාපු වාසනාව දෝතින් අරගෙන බොලිවුඩය පුරාද තම නම රනින් සටහන් කළ තරුණ කෙල්ලක ගැනයි.

ඇය, යොහානි දිලෝකා ද සිල්වා. හිතන විදියට අමතක වෙන්න විදියක් නැහැ කාටවත්. ඔව්. පච්ච ඩෙනිමට උඩින් නාභිය පේන්න ෂෝට් බ්ලවුස් කෑල්ලක් ඇඳගෙන ඉඟසුඟ නලවමින් අමුතු තාලේ සින්දු කියාපු හැඩකාර ‘කොත්තු මී කෙල්ල’ තමයි මේ.

ඉන් පස්සේ කෙමෙන් කෙමෙන් ‘කොත්තු මී කෙල්ල’ ‘මැණිකේ මගේ හිතේ කෙල්ල’ වුණා. බොලිවුඩ්වල ප්‍රසංග වේදිකාවක සින්දු කියන්න ගිවිසුම් අස්සන් කරන කොට කවුරුත් ඇයට කිව්වේ, ‘ආ… අර මැණිකේ මගේ හිතේ කෙල්ල…’ කියලාය. හැබැයි ‘මැණිකේ මගේ හිතේ’ සින්දුව කොයි තරම් ජනප්‍රිය වුණත් සුපිරි බොලිවුඩයේ ප්‍රසංග වේදිකාවෙන් ප්‍රසංග කිහිපයක් සඳහා ආරාධනා ලැබුණත් යොහානිට සුබ පතන්න ඇයට චියර් කරන්න අපේ රටේ කවුරුවත් ඒ දවස්වල උත්සාහ කළේ නැත. ටෙලිනාට්‍ය නිළියක් අල කරියක් හැදුවත් සුපර් මාර්කට් එකට ගොඩවුණත් ෆේස්බුක් එක පුරා ඒ පෝස්ට්වලට දසදහස් ගණන් කමෙන්ට්ස් දාන, ඇති පදමට ලයික් දාන අපේ ප්‍රේක්ෂකයන් යොහානි වෙනුවෙන් එකම එක තත්පරයක්වත් වැය කර ලයික් එකක් දැමුවේ නැත. එක හදවත් සලකුණක් සටහන් කළේ නැත. අකුරු හත අටක කමෙන්ට් එකක් අමුණන්න විනාඩියක් ගත්තේ නැත.

ඒක එහෙම වුණේ ඇයි කියලා කවුරු හරි අහනවා නම් එයට පැහැදිලි උත්තරයක්ද දෙන්නට බැරි තරම්ය. මුහුණු පොත ඩිංගක් පැත්තකින් තිබ්බත් යොහානි ජනප්‍රිය වුණු අලුත යොහානි වෙනුවෙන් පිටු බාගෙ කතාබහක් සඳහා ඉඩකඩ වෙන්කරන්නට මුද්‍රිත මාධ්‍යයක්වත් ඉදිරිපත් වූයේ නැති බව මතකය.

‘නියමයි යොහානි ඔහොම යං…’ කියන හෙඩිම සමග මේ නවක ගී තරුව වෙනුවෙන් ටැබ්ලොයිඩ් එකක පසු පිට ඒ දවස්වල පළමුව වෙන් කළේ ‘මව්රට’ පත්තරේ විතරය. යොහානිට කුහකකම් කරන්නේ ඇයි කියා ෆේස්බුක් කට්ටියගෙන් ඇහුවේ ‘මව්රට’ විතරය.

ඒ අතීතයට අයිති පරණ කතාය. යොහානි ගැන මතකය අලුත් කරන්නට මතකයට ගත් පුංචි පුංචි රසවත් තොරතුරුය.

‘යොහානි ගැන මතකය අලුත් කරන්නට’ යැයි කිව්වේ යොහානිව දැන් කාටත් අමතක වෙලාද?’

ඒක නම් හරියට කියන්නට බැරිය. හැබැයි යොහානිගේ කිසිම සද්දයක් නැති බව නම් කියන්න පුළුවන්ය.

ඔව් බලාගෙන යනකොට ඒක නම් ඇත්තය. පැත්තකට කරලා තිබුණු සෝඩා බෝතලයක මූඩිය කලබලයට ඇරියා වාගේ ‘සූ’ ගාන ස්ටයිල් එකට ජනප්‍රිය වුණු යොහානි සුපිරි නළු සල්මන් ඛාන්ටත් සිංහල සින්දුවක් කියන තාලය ප්‍රසිද්ධ වේදිකාවකදී පෙන්වූ ඒ සුකුමාල කොත්තු මී කෙල්ල එහෙමත් නැත්නම් ‘මැණිකේ මගේ හිතේ කෙල්ල’ දැන් කෝ…? මොකද මේ දවස්වල වැඩි සද්දයක් නැත්තේ?

‘නවතම නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුව හිටියා. ඒ සඳහා සියලු වැඩකටයුතුද සූදානම් කරලයි තිබුණේ. ඒත් රටේ වාතාවරණය එවැන්නකට සුදුසු නැති නිසා සියලු සැලසුම් මඳකට කල් දැම්මා…’

යොහානි තම නිහඬතාව ගැන සමාජ මාධ්‍යයකට හේතු දක්වා තිබුණේ එවැනි සටහනකින්. එම සටහන ඈ යොමුකොට තිබුණේ මීට මාස කිහිපයකට උඩදී, ඒ කියන්නේ ගෝල්ෆේස් අරගලය ඉතා තියුණුව පැවැති කාලයේදීය.

අරගලකරුවන් අතර යොහානි ද සිල්වා ගැන යම් අප්‍රසාදයක් තිබුණා. අප්‍රසාදයක් කිව්වට ඒක යම් තරමක බ්ලැක් මාක් එකක්. යොහානිගේ නිහඬතාවය ඒ කළු සිතුවිල්ලයි අතර යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද?
ඒ කාරණයට ‘ඔව්’ කියන උත්තරය හරියටම දෙන්න බැහැ. නමුත් අරගලකරුවන් අතර යොහානි ගැන යම් අප්‍රසාදයක් තිබුණා. ඒක නම් ටක්කෙටම කියන්න පුළුවන්.

ඒකට හේතුව යොහානි එක වචනයකින් හෝ සමාජයට පණිවුඩයක් දෙන්න අරගලය වෙත පැමිණි කලාකරුවන්ට එකතු නොවීමයි. විනාඩියකට හෝ ඇයට ඇවිදින් යන්න තිබුණා. අරගලයට ජය වේවා කියලා වචන දෙක තුනක් කියන්නට තිබුණා නේද? ඇයි යොහානි එහෙම සහායක් නොදුන්නේ කියන කොස්ස අරගලකරුවන් අතර තිබුණා. මොකද අරගලයට එනවය කියලා හිතන්නවත් බැරි කලාකරුවන් අරගලයට ආව හින්දයි.

යොහානි, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට ආවඩනවදෝ කියන කුකුසක්ද හීනියට අරගලකරුවන් අතර තිබුණා. එයට එක් වක්‍ර හේතුවක් වුණේ ලංකාව ගොඩගන්නය කියලා යොහානි කිසියම් කණ්ඩායමක් සමග ගොඩනගා ගත්ත පදනම මූලික කරගෙන නිර්මාණය කළ හෑෂ් ටැග් එකයි. කළු පැහැය මිශ්‍ර සුදු පැහැයෙන් නිමවූ එම හෑෂ්ටැග් එකේ ‘I am for Sri Lanka’ යනුවෙන් සටහන්ව තිබුණා. ඒ හෑෂ් ටැග් එක මුල් කරගත් පදනම හරහා ලංකාවට ඩොලර් හොයන්නත්, ලංකාවේ ආර්ථික කඩාවැටීම ගැන ජාත්‍යන්තරය අමතන්නටත් යොහානි වීඩියෝ පට පවා නිර්මාණය කරලා තිබුණා.

ඒ තරම් කැපවීමෙන් යොහානි එහෙම කළාය කියනවා නම් ‘I am for Sri Lanka’ කියන හෑෂ් ටැග් එක ගැන අරගලකරුවන්ගේ හිතේ තිබුණු ඉහත සඳහන් කළ කොස්ස මොකක්ද?

ඒ ගැන අරගලකරුවන් යොහානිට චෝදනා කළේ මේ විදියටයි.

‘යොහානි මොන පදනම සමග හෝ එකතු වෙලා ලංකාව බේරගන්න ඩොලර් හොයලා රට ගොඩගන්න වෙහෙසෙනවා කියලා කිව්වත් ඈ කරන ක්‍රියාවෙහි හෝ මෙහෙවරෙහි කිසිදු පදනමක් නැති බවයි අප දකින්නේ. ‘I am for Sri Lanka’ කියන හෑෂ් ටැග් එක ගැන වුණත් අරගලය මෙහෙයවන අපේ කිසිම පැහැදීමක් නෑ. එයට හේතුව පවතින රජය ඔය කියන හෑෂ් ටැග් එක ඔවුන්ගේ යම් ප්‍රචාරණ වැඩකටයුතු සඳහා භාවිත කළ එකක්. අනෙක යොහානි සහ ඇගේ කණ්ඩායම ඒ හෑෂ් ටැග් එක මුල් කරගෙන කරන මෙහෙවර තුළින් ගම්‍ය වන්නේ අගරලයට සහාය දීම සහ රජයේ පාලන ක්‍රමය හෙළාදැකීමක් නම් නෙවෙයි. යොහානි කරන කියන දේ තුළින් කාට වුණත් පැහැදිලිවම පෙනෙන්නේ රජයට පක්ෂව කෙරෙන යම් ප්‍රචාරණ වැඩපිළිවෙළකට ඇය සහාය දෙන බවයි. ඒ සියලු කරුණු කාරණා තුළින් අපට පෙනීයන්නේ යොහානි රජයට පක්ෂපාතී බව පෙන්වමින් අරගලයට හීනි අතුල් පහරක් එල්ල කොට ඇති බවයි…’

අරගලකරුවන් යොහානි ගැන ප්‍රසිද්ධියේ ඒ දවස්වල කී කතාව එයයි.

අරගලකරුවන් කියා තිබුණු විදියට යොහානි එහෙම ඩබල් ගේම් එකක් ගෙනිච්චාද?

අරගලකරුවන් සිටින්නේ සම්පූර්ණයෙන්ම වැරැදි නිගමනයකයි. ‘I am for Sri Lanka’ හෑෂ් ටැග් එක මට සහ මගේ වැඩපිළිවෙළට සහාය දෙක්වන්නට එක්වූ අයගේ පදනම වෙනුවෙන් නිර්මාණය වූවක්. මට වුවමනා වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අරගලකරුවන් ගෙන යන මෙහෙවරට වෙනත් මුහුණුවරකින් සහාය දැක්වීමටයි. අරගලයට ඇවිත් සෙනඟ ගොඩේ ඉඳන් ෆොටෝ ගන්නට වැඩිය මගේ පදනම හරහා යම් මෙහෙවරක් කරන්න පුළුවන් කියලා මට හිතුණු නිසයි මම මේ ක්‍රමවේදය අනුගමනය කෙරුවේ. ගෝඨාභය රාජපක්ෂට හෝ රාජපක්ෂවරුන්ට කිසිම සහායක් දක්වන යමක් මගෙන් සිදුවී නැහැ. මටවත් මගේ කණ්ඩායමේ කිසිම කෙනෙක්ටවත් රජය හමුවේ කිසිදුම පක්ෂපාතී බවක් පෙන්වා නැහැ. දේශපාලනයට අපි සම්බන්ධ නැහැ. ඒ අයගෙන් අප ගත් කිසිවක් නැහැ.

කොහේක හෝ උත්සවයකට ගියාම විවිධ දේශපාලකයන් මුණගැහෙනවා. ඔවුන් සමග කතා කරන්නට සිදුවෙනවා. ඒ කතා කරන වෙලාවට සෙල්ෆියක් ගත්තට වෙනත් කවුරු හෝ ඒ දර්ශනය ෆොටෝ අරන් මාධ්‍යයට මුදාහැරියට එයින් යොහානි ද සිල්වා රජයට පක්ෂපාතී කියලා හිතන එක ඔප්පු කරන්න බැහැ…’

යොහානි අරගලකරුවන් තමාට කළ චෝදනාවට වීඩියෝ එකක් මාර්ගයෙන් උත්තර දීලා තිබුණේ ඒ විදියටයි. නමුත් අරගලකරුවන් ඇගේ නිර්දෝෂීභාවය පිළිගත් බවක් කොතැනක හෝ සඳහන් කොට තිබුණේ නැහැ. ඔවුන්ගේ මූලිකම සිතුවිල්ල වූයේ තරුණ කලා ශිල්පිනියක ලෙස අරගලයට හොස්ස පොවන්න එක දවසකට හෝ ඇයට ඇවිත් යන්න තිබුණාය කියලයි.

‘ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනය සමග මම ගනුදෙනු කරන්නේ නැහැ. දේශපාලනය සමග ක්‍රියාකාරීව කටයුතු කරන්නේද නැහැ. අරගලයට මා ප්‍රසිද්ධියේ මුහුණ නොදුන්නේ දේශපාලනය ගැන හෝ දේශපාලන මත පළකිරීමේ අවබෝධයක් මට නැති නිසයි. ඒත් මම ප්‍රසිද්ධියේ මෙහෙම කියනවා. මේ රටේ දුක් විඳින මිනිසුන් සහ අරගලය සමග සිටින ඔයාලා හැමෝම විඳින පීඩාව මගේද පීඩාවයි. දේශපාලකයන් මේ රටට කළ විනාශය ගැන දුක්වන අය අතර මමත් ඉන්නවා. අලුත් නායකත්වයක් ඉල්ලලා හඬ නගන අය අතර මමද ඉන්නවා. ඔබේ අරගලය මගෙත් අරගලයයි. එයින් ඇඟ බේරාගැනීමක් හෝ එයට විරුද්ධව වක්‍රව හෝ කිසිවක් කරන්නට මමවත්, මගේ කණ්ඩායමවත් කිසිම විටෙක උත්සාහ කරන්නේද නැහැ…’

අරගලකරුවන් තුළ තමා ගැන හටගෙන තිබෙන කළු පැල්ලම මකා දමන්නට යොහානි එම ප්‍රකාශය වීඩියෝගත කොට සමාජ මාධ්‍ය පුරා මුදාහැරියා.

අරගලකරුවන් අවසානයේ යොහානිගේ නිර්දෝෂී බව පිළිගත්තාද?

කිසිම සටහනක් ඒ ගැන කොතැනකවත් පළවී තිබුණේ නැහැ.

ඇත්තටම අරගලය සහ එවක පැවැති රජය අතර වූ සටනේදී යොහානි රජයට සහාය දුන්නාය කියන අරගලකරුවන්ගේ සැකය හරියටම හරිද?

ඒ ගැන යොහානිම තමාව නිදොස් කොට නිදහස් කරගත්තා මිස එය මෙහෙම යැයි කියා පෙන්වා දෙන්නට වෙනත් කිසිදුම සාක්ෂියක් නැත.

යොහානි තම අලුත් නිර්මාණ සියල්ල අකුළාගෙන මඳකට පසෙකටවී නිහඬ වූයේ අරගලකරුවන්ට බයෙන්දැයි කිසිවකු සිතනවාද?

එයටද පැහැදිලි උත්තරයක් නැත. යොහානි තමා වෙනුවෙන් එයට දුන් උත්තරයෙහි වූයේ අද හැම කලාකරුවෙක්ම අලුත් නිර්මාණයක් කරන්නට ඉදිරිපත් නොවන කාරණය ගැන දක්වන හේතු පාඨය මුල් කරගෙනය.

බයිලා පන්නයේ කෙල්ලක වූ යොහානි මොන විදියේ බයිලා කතා කිව්වත් එක පැයකට හෝ ඇයට අරගලය හමුවේ පෙනී සිටින්නට තිබුණා නොවේදැයි හිතන පිරිස් ඉන්නවා වෙන්න බැරිද?

ඇයි බැරි? එහෙම හිතන කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්. මොකද දන්නවද? ශිහාන් මිහිරංග සහ දිනක්ෂි ප්‍රියසාද්ලා අරගලයට කළු පාටින් සැරසිලා එක දවසකට හෝ ඇවිල්ල යන්න ආවේ දේශපාලන විiාව හදාරලා හෝ දේශපාලනය ගැන පොතපත කියවලා නොවේය. ඒ වාගෙම ප්‍රතිපත්තියක් විදියට දේශපාලනයට අතපෙවුවේ නැති විශාරද නන්දා මාලනී වැනි විශිෂ්ට ගණයේ කලා ශිල්පීන්ද අරගලයට සුදුවතින් ඇවිත් සින්දුවකුත් කියලා ගියේ අරගලයට පක්ෂ හෝ පාට භේදයක් නැති නිසාය.

එහෙම බලන කොට නම් යොහානි අරගලයට ආවේ නැතිවාට දුන් හේතුපාඨ කොහොමත් බයිලා නේදැයි කියලා කෙනකුට හිතෙන එක පුදුමයක් නෙමේය. සරලව කියනවා නම් දහසකුත් එකක් මිනිසුන්ට කොත්තු මී කවන්න රස කතා කියන මේ කොත්තු මී කෙල්ලට අරගලයට ඇවිදින් හීනියට වාගේ සින්දුවක් කියලා තම දායකත්වය ඔප්පු කරන්නට එන්න තිබුණා නම් ‘I am for Sri Lanka’ හෑෂ් ටැග් එක මුල් කරගෙන හදාපු පදනමට වැඩිය හොඳ යැයි හිතන අයද ඉන්නට පුළුවන.

කොහොමත් දැන් ඒ සියල්ල අතීතයට එක්ව හමාරය. අරගලයද මඳ විරාමයකට බඳුන්ව ඇත. ඒ සියල්ල මැද යොහානිගේ අලුත්ම පියවර මොකක් වෙයිද?

අලුත් සින්දුවක්, නවතම කවර් එකක්, තාරුණ්‍යය හිරිවට්ටවන ගී පද පේළියක්… ඒ මොකක් වුණත් කමක් නැත.

අරගලකරුවන් හමුවේ යම් අරගලයකට මැදිවූ යොහානිට එදා වාගේම ‘මව්රට’ අදත් කියනවා…

‘යොහානි ජය වේවා… ඔහොම යං…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share357Tweet223SendShare89
Previous Post

ඉස්සර කොළඹ අධිආරක්ෂිත කලාප දැම්මේ යුද්ධෙ නිසා! දැන් යුද්ධ නෑ! ත්‍රස්තවාදය නෑ! අධිආරක්ෂිත කලාප ඕනේ බයෙන් ජීවත් වන පාලකයන්ට! මෙහෙම ගියොත් පාලකයන්ට යන යන තැන අධිආරක්ෂිත කලාප දාගන්න වෙයි! ෆීල්ඩ් මාෂල් කල්තියා අනතුරු අඟවයි! (VIDEO)

Next Post

නවලෝක Serene Center…

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version