ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට අනුමැතිය ලබා නොදීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය පියවර ගෙන තිබේ.
ඒ සඳහා මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණි.
නමුත් එම තීරණය ක්‍රියාත්මක කළහොත් කොවිඩ් තත්ත්වය තවත් වර්ධනය විය හැකි බව පවසමින් විවිධ සංවිධාන ඊට විරෝධය දැක්වීය.









