පොදු දේපොළ පනත පාර්ලිමේන්තුවට අදාළ නොවන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ප්‍රශ්න කර සිටීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී පියවර ගත්තේය.
ඒ මහතා එහිදී කතානායකගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තුවට එක් නීතියකුත්, ජනාතාවට එක් නීතියකුත් පවතින්නේද යන්න පැහැදිලි කර දෙන ලෙසය.










