ගැබිනි මව්වරුන් සඳහා කොවිඩ්
එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට
ලෙස වාර්තා අතරට එක්වෙමින් ශ්‍රී ලංකාව
ඊයේ (09) අවදානම් සහිත ගැබිනි
මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම
ආරම්භ කළේය.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා
බොරැල්ල කාසල්වීදියේ කාන්තා රෝහලේ දී එන්නත්
කරණය සිදු කෙරුණි.
එන්නත්කරණය ආරම්භ කළ ඊයේ
ගැබිනි මව්වරුන් 75 දෙනකුට එන්නත ලබා දී
ඇත.
පළමු අදියර යටතේ එන්නත ලබාදීම සඳහා ගැබිනි
මව්වරුන් ලක්ෂයකට ආසන්න පිරිසක් සිටින බවට
ගණන් බලා තිබේ.
මෙහි දී වයස අවුරුදු 35ට වැඩි දියවැඩියාව, අධි රුධිර
පීඩනය, පිළිකා රෝග, හදවත් රෝග, උග්‍ර ඇදුම වැනි
නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු රෝග, අක්මා රෝග
හෝ ප්‍රතිකාර හේතුවෙන් ප්‍රතිශක්තිය හීන වූ ඉන්ද්‍රිය
බද්ධ කර තිබීම, ස්ථුල බව සහ මානසික රෝග වැනි
විවිධ අවදානම් තත්ත්වයන්වල ගැබිනි මව්වරුන් එන්නත්
කරණය කිරීමට තෝරා ගෙන තිබිණි.
මෙම අවස්ථාවේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය පවුල්
සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ චිත්‍රමාලී ද
සිල්වා මෙසේ පැවසුවාය.
‘‘දැනට දිවයින පුරා එන්නත්කරණය සිදු කරනු ලබන
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කොට්ඨාසවල මෙම
වැඩසටහනට ප්‍රථම වටය ලෙස අපි ක්‍රියාත්මක කරනවා.
මෙහි ප්‍රධානම අරමුණ වන්නේ ගර්භණී මව්වරුන්
කොවිඩ් හේතුවෙන් ඇතිවන උග්‍ර සංකූලතාවයන්වලින්
බේරා ගැනීමයි. එමගින් ඉදිරියේ දී එන්නත් ලැබෙන පරිදි
අනෙකුත් සියලුම ගර්භණී මව්වරුන් එන්නත්කරණය
කිරීමටත් බලාපොරොත්තු වෙනවා.’’ -අරුණ










