නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන්, බීමත් ව රිය පදවා අනතුරක් කිරීම සහ අත්අඩංගුවට ගැනීමේදී ඊට විරුද්ධවීම යන චෝදනා එල්ලවීම හේතුවෙන් සිය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇති බව වාර්තාවෙයි.Sri Lanka Latest News
නවසීලන්ත අධිකරණ අමාත්‍ය 39 හැවිරිදි කිරි ඇලන්, රිය අනතුරෙන් පසු බීමත් බව පරීක්ෂා කරන ආශ්වාස ප්රාශ්වාස පරීක්ෂණය හරහා බීමතින් සිට ඇති බව තහවුරු වී ඇත.
කෙසේවෙතත් එම රිය අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැති බවද වාර්තා වෙයි.
ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත නවසීලන්ත මහ මැතිවරණයට පෙර මාර්තු මාසයේ සිට ඉවත්ව ගිය අගමැති ක්‍රිස් හිප්කින්ස්ගේ කැබිනට් මණ්ඩලයේ සිව් වන අමාත්‍යවරයා වන්නේ, කිරි ඇලන්ය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු කිරි ඇලන් පැය 04ක කාලයක් පොලීසිය තුළ රඳවාගෙන සිට නිදහස් කර ඇති අතර, පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වෙයි.
කෙසේ නමුත් ඇය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස රැඳී සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය මාසයේ සිය සහකරුවාගෙන් වෙන් වූ කිරි ඇලන්ට, සිය කාර්ය මණ්ඩලය සමඟ දුර්වල පරිපාලන සබඳතා පවත්වාගැනීම යන චෝදනාවද එල්ල වී ඇත.










