නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉක්මනින් සකස්කර අවසන් කිරීම කෙරෙහි තම අවධානය යොමුව ඇතැයි ඒ සඳහා පත්කර ඇති විද්වත් කමිටුව පවසයි.
මෙම විද්වත් කමිටුව පත්කර ඇත්තේ ඇමැති මණ්ඩලයේද අනුමැතිය ඇතිවය.
විද්වත් කමිටු සභාපති ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනෙක අධිකරණ අමාත්‍යාංශයේදී මෙම විද්වත් කමිටුව රැස්වූ අවස්ථාවේ දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා, මෙකී තීරණයට එළැඹි බව එම කමිටුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
කෙටුම්පත සකස් කිරීම සඳහා මහජනතාවගේ අදහස්, සිවිල් සංවිධානවල යෝජනා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර්ජාතික ආයතනවලද, එම ප්‍රජාවන්ගේද අදහස් ලබාගැනීමට ක්‍රියාකරගෙන යන බවද ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.
නන්දන ශ්‍රී දොරකුඹුර









