කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වඩා සුදුසු විකල්පය ලෙස හඳුනාගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකේ ඉදිකිරිම් මේ වනවිට අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසත් එසේ සංවර්ධනය කරන ලදි.
සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම්වල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මංතීරු 4ක් සහිත කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මීටර් 600ක මාර්ග කොටස සඳහා රුපියල් මිලියන 220ක් වැයකර ඇත.
වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ කිලෝමීටර් 1.2ක මංතීරූ 4ක් සහිත මාර්ග කොටස සඳහා රුපියල් මිලියන 420ක් වැයකර තිබේ.













