ඉන්දියාවෙ ධනවත්ම පුද්ගලයා මෙන්ම ලොව ධනවත් පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ සිටින මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ විවාහ මංගල්‍යයට සහභාගි වන ලෙසට පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාටද ආරාධනා ලැබී තිබේ. (Sri Lanka Latest News)
ඒ අනුව, ඊට සහභාගි වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා සිකුරාදා (12) දිනයේදී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම මංගල උත්සවය දින හතරක් පුරා මුම්බායි නගරයේදී පැවැත්වෙන අතර, ඊට මෙරටින් ආරාධනා ලැබී ඇති එකම දේශපාලනඥයා වන්නේ නාමල් රාජපක්ෂ මහතා බව පැවැසේ.
ආනන්ද් අම්බානිගේ අත ගෙන ඇත්තේ එරට ඖෂධ ව්‍යාපාරිකයන් වන විරේන් සහ ෂයිලා මර්චන්ට්ගේ දියණිය වන රාධිකා මර්චන්ට්ය.