ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කණුගහවැව ආදර්ශ ගම්මානය සංවර්ධනය කිරීමේ දෙවන අදියර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව සිදු කෙරුණු අතර ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගීව සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ හා අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.











