හෙරොයින් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටි 33 හැවිරිදි අවිවාහක වැඩිමල් සහෝදරයා මුදල් ඉල්ලා නිතර නිතර මවට පහර දිම හේතුවෙන් උරණ වු 28 හැවිරිදි බාල සොහොයුරු විසින් වැඩිමල් සහෝදරයා නිවසේ නිදා සිටියදි ඊයේ (30) රාත්‍රියේ කැත්තකින් ගෙල ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, ඇඹිළිපිටිය පාර, රන්දික නිවස පදිංචි 33 හැවිරිදි හෙට්ටිආරච්චිගේ රන්දික මදුෂංක නැමති අවිවාහක පුද්ගලයෙකි.
මරණකරු හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වී සිටි අයෙකු බවත්, ඔහු නිතර නිතර මුදල් ඉල්ලා මවට පහර දෙන බවත්, මෙය ඉවසා සිටිය නොහැකි විම හේතුවෙන් 28 හැවිරිදි බාල සොහොයුරා විසින් වැඩිමල් සොහොයුරා ඝාතනය කර ඇති බවත් මුලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වි ඇත.
මරණකරු ඊයේ සවස නිවසේ තිබු වී මල්ලක් රැගෙන ගොස් විකුණා බියර් ගෙනත් පානය කර මව සමග රණ්ඩු වී නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිට තිබේ. මෙම අවස්ථාවේදි 28 හැවිරිදි බාල සොහොයුරුට මෙය ඉවසා සිටිය නොහැකි වීම හේතුවෙන් නිවසේ නිදා සිටි අයියාගේ ගෙළට කැත්තකින් පහරදි ඝාතනය කර ඇත. සිය අයියා ඝාතනය කිරිමෙන් පසු සැකකාර 28 හැවිරිදි තරුණයා සූරියවැව පොලිසියට බාර වී තිබේ.
සිද්ධිය පිළිබද වු මහේස්ත්‍රාත් පරික්ෂණය අද (30) පෙරවරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි විසින් සිදුකෙරුණි.
මියගිය පුද්ගලයාගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා සූරියවැව පොලිස් ස්ථානාධිපති වරයාට නියම කෙරුණි.
තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න, සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්තගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන පවත්වයි.
lankasara










