චොක්ලට් දෙකක් සොරකම් කිරීමේ වරදට මාස 2 1/2 ක දරුවෙක් සමග මවක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.Sri Lanka Latest News
ඊයේ (30) දින ගන්දර පොලිස් ස්ථානය මගින් වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවෙක් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගාර ගත කර ඇත.
වයස අවුරුදු 26ක පමණ වයස කාන්තාවක් සහ මාස 2 1/2 ක දරුවා වෙනුවෙන් නීතිඥ සමීර මීකඳවත්ත දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙම තැනැත්තිය බන්ධනාගාර ගත උවහොත් මෙම කුඩා ළදරුවාටද දැඩි අගතියක් වන බවට කියා සිටිමින් ඇප අයද සිටියද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක ඇප දීම ප්‍රතික්ෂේප කර තිබේ.










