ඡන්දයක් ඇවිල්ලා. මේක මහ මැතිවරණයක්. අපි දන්නවා මහ මැතිවරණයකදී නිරන්තර වශයෙන්ම අපට අහන්න දකින්න ලැබෙන්නේ සමාන නම් ටිකක්. සමාන මුහුණු ටිකක්. ඡන්දය කුමක් වුවත් පැවැත්වෙන ආකාරය මොකක් වුණත් ප්‍රතිඵලයෙන් හුඟක් වෙලාවට පාර්ලිමේන්තු යන්නේ එකම සෙට් එකක්. මේ එකම සෙට් එක පාර්ලිමේන්තු ගිහිල්ලා, එකම සෙට් එක ඇමැතිකම් අරගෙන, එකම සෙට් එක රට කරලා, එකම විදියට රට දුවවන එක තමයි අපි හුරුවෙලා තිබුණේ දේ. දැන් මේ වතාවේ මහ මැතිවරණයත් එක්ක හරි පුදුම වැඩක් වෙලා. ඒ තමයි ලංකාවේ දේශපාලනයට එතෙක් මෙතෙක් පැමිණි බොහෝ දෙනෙක් මෙවර දේශපාලන වේදිකාවේ නෑ. ගොඩ දෙනෙක් ඡන්දෙට කලින්ම පැරැදිලා අයින් වෙලා ගෙදර ගිහිල්ලා. (Sri Lanka Latest News)
මේක ගණන් හදලා බැලුවොත් විශාල අගයක්. දළ වශයෙන් මැති ඇමැතිවරු 58 දෙනකුට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන, පාර්ලිමේන්තුවේ හිටපු මෙවර ඡන්දයෙන් ඉවත් වෙලා ගිහිල්ලා. ඒගොල්ලෝ ඡන්දෙටවත් එන්නේ නෑ. ජාතික ලැයිස්තුවකවත් ඒගොල්ලන්ගේ නමක් නෑ. ඒගොල්ලන්ට මොන විදියකටවත් පාර්ලිමේන්තු එන්න බෑ. ඒ කියන්නේ විශ්වාසයෙන්ම කියන්න පුළුවන් මෙවර මහ මැතිවරණයේදී මේ කිසිවෙක් පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා. ඒ කියන්නේ හිටපු 225න් 58 දෙනෙක් දැනටමත් තරගයෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඡන්දේ ඉල්ලන්නේ නැතුවම ඉවත් වෙලා ගිහිල්ලා ඉවරයි. වෙන්න කලින් විපත දැකලා යන්තම් ජාමේ බේරගත්තා කියලත් සමහර අය මේගොල්ලන්ට කියනවා. දැන් මේ නම් ලැයිස්තුව මම ඔබට කියලා ඉන්නම්. එහෙම හිටියම ඔබට මේක පොඩි වෙනස් ජොලියක් දැනෙයි.
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, නාලක ගොඩහේවා, බන්දුල ගුණවර්ධන, යදාමිණි ගුණවර්ධන, කනක හේරත්, සිසිර ජයකොඩි, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, ගීතා කුමාරසිංහ, මොහොමඩ් මුසම්මිල්, වාසුදේව නානායක්කාර, ගයාශාන් නවනන්දන, අනුප පැස්කුවෙල්, දුමින්ද පෙරේරා, ජගත් පුෂ්පකුමාර, ගුණතිලක රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, අතුරලියේ රතන හිමි, ලොහාන් රත්වත්තේ, අලි සබි්‍ර, ජයන්ත සමරවීර, ෂෙහාන් සේමසිංහ, ජෝන් සෙනෙවිරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සමන් කුමාර උඳුගොඩ, ගාමිණී වලේබොඩ, විමල් වීරවංශ, සහන් ප්‍රදීප් විතාන, ඩී.බී. හේරත්, ප්‍රියංකර ජයරත්න, ගුණපාල රත්නසේකර, සීතා අරඹේපොළ, චම්පික රණවක, සරත් ෆොන්සේකා, මයන්ත දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, නිරෝෂන් පෙරේරා, වජිර අබේවර්ධන, විමලවීර දිසානායක, ප්‍රසන්න රණතුංග, සී.වී. විග්නේෂ්වරන්, අහමඩ් නසීර්, සිරිපාල ගම්ලත්, අකිල එල්ලාවල, එස්.බී. දිසානායක, ශාන් විජයලාල් ද සිල්වා, සුදර්ශන දෙණිපිටිය, ගෙවිඳු කුමාරණතුංග, විජිත බේරුගොඩ, චමින්ද සම්පත් අතුකෝරල, චාල්ස් නිමලරත්නම්, එස්. නොහර්තලිංගම් කියන අය මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ නෑ.
ඇත්තටම මේක දේශපාලන වශයෙන් විශාල වෙනසක් සිද්ධ වෙන යුගයක් බවට පත්වීමේ සුබ ලකුණක් වෙන්න පුළුවන්. මේ අය අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. මේ අය විශ්‍රාම යනවා, දැන් ඇති වගේ බයිලා කතා කිව්වට හැරමිටියෙනුත් පාර්ලිමේන්තු ආපු අය මෙතැන ඉන්නවා. දෙන්නා දෙපැත්තෙන් අල්ලගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ පුටුවේ ඉන්දවපු අයත් ලංකාවේ හිටියා. පාර්ලිමේන්තුව කියලා කියන්නේ විශාල වරප්‍රසාදයක්. ඒ වරප්‍රසාද එපා කියන්න තරම් මේගොල්ලන්ට පිස්සු නෑ කියලා අපි දන්නවා. නමුත් මෙවර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් එක්ක අලුත් මුහුණු ටිකක් පාර්ලිමේන්තුවට එන්න නියමිත වෙද්දී, අලුත් මුහුණු මේ ලැයිස්තුවලට ඇතුළත් වෙද්දී ජයග්‍රහණය පිළිබඳ බොහෝ බලාපොරොත්තු වෙනස් වෙනස් අලුත් මුහුණුවල නිර්මාණය වෙද්දී පරණ අයට තේරෙන්න ගත්තා දැන් නම් වැඩේ හරියන්නේ නෑ කියලා. මේ අය අතරින් වැඩි ප්‍රමාණයකගේ කැරැට්ටුව හොඳ නෑ. බොහෝ අයට චෝදනා තියෙනවා. හොරකම්, මැරකම්, ජඩකම්, දූෂණ, වංචා මේ හැම එකකින්ම දඬුවම් නියම වෙච්ච, දඬුවම් වින්ද, හිරේ ගිය, දුක් වින්ද, ප්‍රශ්න ඇතිකරගත්ත අබ්ලික් ඩයල් ගොඩක් මෙතැන ඉන්නවා. මිනිස්සුන්ට එපාවෙච්ච, මිනිස්සුන්ට ආසා හිතෙන්නේ නැති මුහුණු මෙතැන තියෙනවා. ඉතින් ඒ නිසා මේ අය ගැන ඇත්තටම ජනතාව බලාගනී. එහෙම අය ජාතික ලැයිස්තුවල, දේශපාලන කණ්ඩායම්වල, ඡන්ද ලැයිස්තුවලත් ඉන්නවා. ඒ අය ගැනත් ජනතාව බලාගන්න ඕනේ. මතක තියාගන්න මේ වතාවේ ප්‍රධාන අපේක්ෂක ලැයිස්තු තියෙන්නේ දෙකක් නෙවෙයි.
වෙනදා ඇත්තටම ප්‍රධාන අපේක්ෂක ලැයිස්තු තිබුණේ දෙකයි. මේ වතාවේ මාලිමාවේ අපේක්ෂක ලැයිස්තුව තියෙනවා. ඊළඟට සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුව තියෙනවා. ගෑස් සිලින්ඩරයේ අපේක්ෂක ලැයිස්තුව තියෙනවා. පොහොට්ටුවේ අපේක්ෂක ලැයිස්තුව තියෙනවා. ඊට අමතරව මේ වතාවේ දිලිත් ජයවීරගේ කණ්ඩායමේ අපේක්ෂක ලැයිස්තුවත් තියෙනවා.
මේ අපේක්ෂක ලැයිස්තු පහේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරපු සහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. ඒ නිසා මේ වතාවේ 58 දෙනෙක් හැලෙනවා කියන එක හරි පුදුමයි. මොකද ඒකට හේතුව තමයි මේ වතාවේ ප්‍රධාන පෙළේ ලැයිස්තුවකට ඇතුළත් වෙන්න විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයකට අවශ්‍යතාවක් හැදෙනවා. ඒ කියන්නේ වැඩිපුරත් එක්ක අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕනේ නිසා සහ අපේක්ෂක ලැයිස්තු පහක් විතර ප්‍රධාන ධාරාවේ තියෙන නිසා. අපි දන්නවා රන්ජන් රාමනායක එන්නේ මේ පක්ෂ පහෙන්ම නෙවෙයි. වෙනස්ම එකකින්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මේ වතාවේ වැඩිපුර අවස්ථාව තියෙද්දිත් දේශපාලනයේ මුල්බැහැගෙන හිටපු, දේශපාලනය ජරාජීර්ණ කරලා මඩ ගොහොරුවට පැනලා නාලා මඩකරියෝ වගේ ඉන්න දේශපාලකයෝ මේ වෙලාවේ එළියට බැහැලා ගිහිල්ලා දැන් අවුව තපින්නයි ලෑස්ති වෙන්නේ. ඒක හොඳ දෙයක්. ඡන්දයට කලින් ජනතාව ජයග්‍රහණය කළා කියලා මේ සමහර නම් දැක්කම හිතෙනවා, දැනෙනවා.

ජීවන පහන් තිළිණ









